අභ්‍යවකාශයේදී GPS පහසුකම නැති වුණොත් මොකද වෙන්නේ කියලා කවදාවත් හිතලා තියෙනවද? නාසා ආයතනය මේ වෙනකොට ඒ වගේ අභියෝගයකට විසඳුමක් හොයාගෙන ඉන්නවා. ඔවුන්ගේ ‘Starling’ මෙහෙයුම යටතේ පෘථිවිය වටා ගමන් කරන කුඩා චන්ද්‍රිකා හතරක් එකතු කරලා, වෙනත් චන්ද්‍රිකා දෙස බලමින් තමන්ගේ පිහිටීම හඳුනාගන්නා අලුත්ම තාක්ෂණයක් අත්හදා බලනවා. මේකට කියන්නේ FALCON කියලා. මේ තාක්ෂණය හරහා අනාගතයේදී සඳ මතට යන ගගනගාමීන්ට සහ අභ්‍යවකාශ මෙහෙයුම්වලට GPS නැතුව වුණත් ඉතා නිවැරදිව ගමන් කරන්න පුළුවන් වෙනවා.
මේ පරීක්ෂණය ඇත්තටම හරිම වැදගත් එකක්. මොකද පෘථිවියෙන් ඈතට යද්දී අපිට දැනට තියෙන GPS පද්ධතිවල පිහිට ලැබෙන්නේ නැහැ. ඒ වගේම අභ්‍යවකාශයේ තියෙන අනෙකුත් චන්ද්‍රිකා සහ සුන්බුන් මඟහැරලා ආරක්ෂිතව ගමන් කරන්නත් මේ තාක්ෂණය උදව් වෙනවා. නාසා ආයතනය මේ පරීක්ෂණය 2028 වසර දක්වා දීර්ඝ කරන්න තීරණය කරලා තියෙන්නේ, සඳ මත පදනම් පිහිටුවීමේ ඔවුන්ගේ ඉදිරි සැලසුම්වලට මේක ලොකු පිටුවහලක් වෙන නිසයි. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ සහයෝගයෙන් නිර්මාණය කරපු මේ මෘදුකාංගය, අභ්‍යවකාශ ගමන්වල අනාගතය වෙනස් කරන වැදගත් පියවරක් වේවි කියලා තමයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback