අභ්යවකාශයේදී GPS පහසුකම නැති වුණොත් මොකද වෙන්නේ කියලා කවදාවත් හිතලා තියෙනවද? නාසා ආයතනය මේ වෙනකොට ඒ වගේ අභියෝගයකට විසඳුමක් හොයාගෙන ඉන්නවා. ඔවුන්ගේ ‘Starling’ මෙහෙයුම යටතේ පෘථිවි කක්ෂයේ තියෙන කුඩා චන්ද්රිකා හතරක් එකතු කරලා අලුත්ම පර්යේෂණයක් කරනවා. මේකෙදි කරන්නේ වෙනත් චන්ද්රිකා තමන්ගේ ගමන් මාර්ගය තීරණය කරගන්නා සලකුණු විදිහට පාවිච්චි කරන එක. FALCON කියලා හඳුන්වන මේ තාක්ෂණය හරහා අනාගතයේදී සඳ මතට යන ගගනගාමීන්ට සහ අභ්යවකාශ මෙහෙයුම්වලට GPS නැතුව වුණත් නිවැරදිව ගමන් කරන්න පුළුවන් වෙනවා.
මේ පර්යේෂණය සඳහා නාසා ආයතනය EraDrive කියන සමාගමත් එක්ක එකතු වෙලා තියෙනවා. ඔවුන්ගේ මෘදුකාංග සහ කැමරා තාක්ෂණය පාවිච්චි කරලා අභ්යවකාශයේ තියෙන අනෙක් වස්තූන් හඳුනාගෙන, තමන් ඉන්නේ කොතනද කියලා චන්ද්රිකාවලටම තීරණය කරන්න පුළුවන්. මේක හරිම වැදගත් දෙයක්, මොකද සඳ වගේ ඈත ප්රදේශවලට යද්දී අපිට පෘථිවියේ තියෙන GPS පද්ධතිවල පිහිට ලැබෙන්නේ නැහැ. ඒ වගේම අභ්යවකාශයේ තියෙන අනෙකුත් සුන්බුන්වලින් බේරිලා ආරක්ෂිතව ගමන් කරන්නත් මේ තාක්ෂණය උදව් වෙනවා. මේ පර්යේෂණය 2028 දක්වා දීර්ඝ කරන්න නාසා ආයතනය තීරණය කරලා තියෙන නිසා, ඉදිරියේදී අභ්යවකාශ ගමන් තවත් පහසු සහ ආරක්ෂිත වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback