නාසා ආයතනය විසින් අභ්යවකාශයේ තිබෙන ස්විෆ්ට් (Swift) නමැති දුරේක්ෂය බේරාගැනීම සඳහා දියත් කළ නවතම මෙහෙයුම මේ වන විට යම් අර්බුදයකට ලක්වෙලා තියෙනවා. පසුගිය ජූලි 3 වැනිදා අභ්යවකාශගත කළ ‘LINK’ නමැති මෙම විශේෂ යානය, ස්විෆ්ට් දුරේක්ෂය සමඟ සම්බන්ධ වී එහි කක්ෂය ඉහළ නැංවීම සඳහා නිර්මාණය කරපු එකක්. නමුත් අභ්යවකාශගත කර සති කිහිපයකට පසුව, මෙම යානයේ පාලනය ගිලිහී යාම නිසා එය අභ්යවකාශයේ කැරකෙමින් පවතින බව නාසා ආයතනය තහවුරු කර තිබෙනවා. මේ නිසා පෘථිවිය සමඟ පවතින සන්නිවේදන කටයුතුත් විටින් විට ඇනහිටින තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ.
මූලික පරීක්ෂණවලින් පෙනී ගිහින් තියෙන්නේ යානයේ තිබෙන ප්රතික්රියා රෝද තුනෙන් දෙකක්ම අක්රිය වී ඇති බවයි. ඒ වගේම යානයේ ගෑස් තෙරපුම් පද්ධතියේත් යම් දෝෂයක් හඳුනාගෙන තියෙනවා. ඇත්තටම මේක හරිම පුදුම සහගත සිදුවීමක්, මොකද ස්විෆ්ට් දුරේක්ෂයත් මීට කලින් මෙවැනිම තාක්ෂණික ගැටලුවකට මුහුණ දීලා තිබුණා. දැන් මෙහෙයුම් කණ්ඩායම උත්සාහ කරන්නේ යානයේ විද්යුත් තෙරපුම් පද්ධතිය භාවිතා කරලා මේ කැරකෙන එක නතර කරලා යානය නැවත පාලනයට ගන්නයි. මේ උත්සාහය සාර්ථක වුණොත් විතරයි ස්විෆ්ට් දුරේක්ෂයේ ආයු කාලය දීර්ඝ කිරීමේ අභියෝගාත්මක කාර්යය ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. 2004 වසරේදී දියත් කළ මෙම ස්විෆ්ට් දුරේක්ෂය විශ්වයේ සිදුවන බලගතුම පිපිරීම් හඳුනාගැනීමේදී ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරපු උපකරණයක්.

Discussion & Feedback