නාසා ආයතනය විසින් සඳ වටා පවතින සංකීර්ණ ගුරුත්වාකර්ෂණ බලපෑම් අධ්යයනය කිරීම සඳහා අභ්යවකාශ යානා දෙකක් අභ්යවකාශගත කිරීමට සැලසුම් කරලා තියෙනවා. ‘CAPSTONE 02’ ලෙස නම් කරලා තියෙන මේ මෙහෙයුම 2027 වසරේදී දියත් කිරීමට නියමිතයි. මෙහිදී යානා දෙක එකිනෙකට ආසන්නව ගමන් කරමින් ‘ත්රී-බොඩි ඕර්බිට්’ (three-body orbits) හෙවත් ග්රහලෝක දෙකක ගුරුත්වාකර්ෂණය එකවර බලපාන කලාපයක යානා හැසිරෙන ආකාරය ගැන පර්යේෂණ සිදු කරනවා. මේ පරීක්ෂණය මගින් පෘථිවියේ සහ සඳේ ගුරුත්වාකර්ෂණය එකට බලපාන අවස්ථාවක අභ්යවකාශ යානයක් නිවැරදිව පාලනය කරන්නේ කොහොමද කියලා නාසා විද්යාඥයන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා.
මේ යානා දෙක ‘ටෙරාන් ඕර්බිටල් සිස්ටම්ස්’ ආයතනය විසින් තමයි නිෂ්පාදනය කරන්නේ. අභ්යවකාශයේදී මේ යානා දෙක එකිනෙක පසුපස හඹා යන ‘චේසර්’ සහ ඉලක්කගත ‘ටාගට්’ ලෙස මාරුවෙන් මාරුවට ක්රියා කරනවා. මේ තාක්ෂණය අනාගතයේදී සඳ මත මිනිසුන් ගොඩබස්වන ‘ආටෙමිස්’ මෙහෙයුම් සඳහා ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම සඳ වටා කක්ෂයකදී යානා දෙකක් එකිනෙක හමුවන ආකාරය සහ ගමන් මාර්ගය පාලනය කරන ආකාරය ගැන මේ පරීක්ෂණයෙන් ලැබෙන දත්ත ඉතාම තීරණාත්මකයි. පෘථිවියේදී මේ වගේ සංකීර්ණ තත්ත්වයන් අත්හදා බලන්න බැරි නිසා, අභ්යවකාශයේදීම මේ දේවල් පරීක්ෂා කර බැලීම අනාගත සඳ ගවේෂණවලට ලොකු ශක්තියක් වේවි.

Discussion & Feedback