දශක ගණනාවක් තිස්සේ නාසා ආයතනය සඳ ගැන විශාල දත්ත ප්රමාණයක් රැස් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම ලූනාර් රෙකොනිසන්ස් ඕබිටර් (LRO) යානය මගින් ලබාගත් දත්ත ප්රමාණය කොතරම් විශාලද කියනවා නම්, ඒවා සාමාන්ය මිනිසුන්ට හෝ පර්යේෂකයන්ට තනිවම විශ්ලේෂණය කිරීම ඉතාම අසීරු කාර්යයක් වෙලා තිබුණා. මේ ගැටලුවට විසඳුමක් විදිහට නාසා ආයතනය සහ IBM සමාගම එකතු වෙලා අලුත්ම කෘත්රිම බුද්ධි (AI) ආකෘතියක් හඳුන්වා දීලා තියෙනවා. මේ නව තාක්ෂණය ‘NASA-IBM Lunar Foundation Model’ ලෙස හඳුන්වන අතර, ඕනෑම කෙනෙකුට දැන් ‘Hugging Face’ වෙබ් අඩවිය හරහා නොමිලේම මෙය භාවිතා කරන්න පුළුවන්.
මේ AI ආකෘතිය මගින් සඳේ ආවාට සිතියම්ගත කිරීම, ගිනිකඳු පිහිටීම් හඳුනා ගැනීම සහ සඳේ ධ්රැව ආශ්රිතව අයිස් තැන්පතු තිබිය හැකි ස්ථාන සොයා ගැනීම වැනි සංකීර්ණ වැඩ කටයුතු ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. නාසා ආයතනයේ ප්රධාන විද්යා දත්ත නිලධාරී කෙවින් මර්ෆි පවසන විදිහට, ඔවුන්ගේ ප්රධාන අරමුණ වෙන්නේ මේ දැවැන්ත දත්ත ප්රමාණයන් නව සොයාගැනීම් බවට පත් කිරීමයි. අතීතයේදී පෘථිවිය නිරීක්ෂණය සඳහාත් ඔවුන් මෙවැනිම AI තාක්ෂණයක් භාවිතා කළා. අනාගතයේදී අභ්යවකාශ ගවේෂණ කටයුතු වඩාත් වේගවත් කිරීමටත්, වියදම් අවම කර ගැනීමටත් මේ නව තාක්ෂණය ලොකු පිටුවහලක් වේවි කියලා තමයි විද්යාඥයන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback