සෙනසුරු ග්‍රහයාගේ ටයිටන් සඳ කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවියට බොහෝ සෙයින් සමාන ලක්ෂණ තියෙන තැනක්. මෙහි මීතේන් සහ ඊතේන්වලින් පිරුණු ගංගා, විල් සහ අමුතු ආකාරයේ භූගත ගුහා පද්ධති පවා තියෙනවා. සාමාන්‍ය රෝද සහිත රෝවර් යානාවලට මේ වගේ අසීරු භූමියක ගමන් කරන්න අමාරු නිසා, නාසා ආයතනය දැන් අලුත්ම සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ තමයි ‘SPARK’ නමින් හැඳින්වෙන කුඩා ගුවන් යානා හෙවත් ‘එරෝබොට්’ (Aerobots) නිර්මාණය කිරීම. මේවාට පුළුවන් ටයිටන් සඳේ තියෙන ගුහා ඇතුළටම ගිහින් පරීක්ෂණ කරන්න.
මේ ව්‍යාපෘතියේ ප්‍රධානියා වන හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැනියෙල් ඩෲ පවසන විදිහට, මේ යානා සඳහා යොදාගන්නේ විශේෂිත විද්‍යුත් තෙරපුම් තාක්ෂණයක්. අඟහරු මත සාර්ථක වුණු ‘ඉන්ජිනියුටි’ හෙලිකොප්ටරය වගේම, මේ කුඩා යානාවලටත් ටයිටන් සඳේ අභිරහස් සොයාගන්න ලොකු හැකියාවක් තියෙනවා. දැනට මේක මූලික පර්යේෂණ මට්ටමේ තිබුණත්, ඉදිරියේදී නාසා ආයතනයේ ටයිටන් මෙහෙයුම්වලට මේවා එකතු කරගන්න පුළුවන් වෙයි කියලා තමයි විද්‍යාඥයන් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් එක සුවිශේෂී පියවරක් වේවි.

Discussion & Feedback