නාසා ආයතනය විසින් අති නවීන තාක්ෂණයෙන් යුත් රෝමන් අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාශගත කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන පිරවීමේ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙනවා. අගෝස්තු 30 වැනිදා SpaceX Falcon Heavy රොකට්ටුවක් මගින් මෙය අභ්‍යවකාශගත කිරීමට නියමිතයි. විශේෂත්වය වන්නේ, වසර 35ක් පුරා හබල් දුරේක්ෂය මගින් ලබාගත් දත්ත ප්‍රමාණය මෙන් දස ගුණයක දත්ත ප්‍රමාණයක්, මෙම රෝමන් දුරේක්ෂය වසරක් ඇතුළත ලබා ගැනීමට අපේක්ෂා කිරීමයි. මෙය නියමිත කාලයට මාස නවයකට පෙර සහ ඇස්තමේන්තුගත වියදමට වඩා අඩු මුදලකින් නිම කිරීමට හැකිවීම තවත් විශේෂත්වයක්.
මෙම දුරේක්ෂය ජේම්ස් වෙබ් දුරේක්ෂයටත් වඩා පුළුල් පරාසයක දර්ශන ලබා ගැනීමේ හැකියාවෙන් යුක්තයි. එහි ඇති ‘වයිඩ් ෆීල්ඩ් ඉන්ස්ට්රියුමන්ට්’ (WFI) නම් උපකරණය මගින් විශ්වයේ අඳුරු පදාර්ථ, අඳුරු ශක්තිය සහ සුපර්නෝවා පිපිරීම් වැනි සංකීර්ණ දේවල් පිළිබඳව පෙර නොවූ විරූ ආකාරයේ පැහැදිලි දත්ත ලබා ගැනීමට විද්‍යාඥයින් බලාපොරොත්තු වෙනවා. පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් ඈතින් පිහිටි ‘ලැග්රේන්ජ් පොයින්ට් 2’ නම් ස්ථානය වෙත මෙම දුරේක්ෂය යැවීමට නියමිත අතර, එහිදී එය ස්ථාවරව පවතිමින් විශ්වයේ රහස් සොයා ගැනීමට නාසා ආයතනයට විශාල පිටුවහලක් වේවි. මෙය අභ්‍යවකාශ විද්‍යාවේ නව යුගයක ආරම්භයක් වනු නොඅනුමානයි.

Discussion & Feedback