අභ්යවකාශයේ ඈත කෙළවරේ සැරිසරන යානා සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා නාසා ආයතනයේ ‘Deep Space Network’ හෙවත් DSN ජාලය මේ දිනවල විශාල වෙනසකට ලක්වෙමින් තිබෙනවා. වොයේජර් යානා වගේම තවත් අභ්යවකාශ යානා 40කට අධික ප්රමාණයක් මේ ජාලය මත යැපෙන නිසා නාසා ආයතනය කැලිෆෝනියාවේදී අලුතින් අඩි 114ක දැවැන්ත රේඩියෝ ඇන්ටෙනාවක් සවිකර තිබෙනවා. විශේෂයෙන්ම අනාගතයේදී සිදුකිරීමට නියමිත ආටෙමිස් සඳ ගවේෂණ ව්යාපෘති නිසා අභ්යවකාශ සන්නිවේදන ජාලයට විශාල පීඩනයක් එල්ල වී තිබෙනවා. මිනිසුන් සහිත මෙහෙයුම්වලට ප්රමුඛතාවය දිය යුතු නිසා රොබෝ යානා සඳහා පවතින සන්නිවේදන අවකාශය සීමා වීමේ අවදානමක් පවතින බවයි විශේෂඥයන් පවසන්නේ.
මෙම නව ඇන්ටෙනාව පසුගිය අගෝස්තු 3 වැනිදා සිට ක්රියාත්මක වුණා. මෙය නාසා ආයතනයේ ‘Aperture Enhancement Project’ යටතේ සැලසුම් කර ඇති ඇන්ටෙනා හයෙන් පස්වැන්නයි. 2029 වසර වන විට ඕස්ට්රේලියාවේ කැන්බරා සංකීර්ණයේදී අවසාන ඇන්ටෙනාවත් සවිකිරීමෙන් පසු මෙම ව්යාපෘතිය සම්පූර්ණ වෙනවා. 1963 වසරේදී ආරම්භ කළ මෙම ජාලය ඇපලෝ 11 සඳ ගමනේ සිට අද දක්වාම අභ්යවකාශ ගවේෂණයේ කොඳු නාරටිය ලෙස කටයුතු කරනවා. ඉදිරියේදී සඳ මත ස්ථිර කඳවුරක් පිහිටුවීමට නාසා ආයතනය සැලසුම් කර තිබෙන නිසා, මෙවැනි නවීකරණයන් අභ්යවකාශයේ අනාගතය වෙනුවෙන් ඉතාමත් වැදගත් වෙනවා.

Discussion & Feedback