අභ්යවකාශ ගවේෂණ කටයුතු දිනෙන් දින වැඩිවීමත් එක්ක නාසා ආයතනය තමන්ගේ ‘ඩීප් ස්පේස් නෙට්වර්ක්’ (DSN) හෙවත් ගැඹුරු අභ්යවකාශ සන්නිවේදන ජාලය තවත් පුළුල් කරන්න පියවර අරන් තියෙනවා. මේ ජාලය තමයි වොයේජර් වගේ ඈත අභ්යවකාශයේ තියෙන යානා එක්ක සම්බන්ධ වෙන්න නාසා ආයතනය පාවිච්චි කරන්නේ. මේ දවස්වල අභ්යවකාශයේ යානා හතළිහකට වඩා වැඩියෙන් තියෙන නිසා, තියෙන සන්නිවේදන පහසුකම් මදි වෙන්න පටන් අරන්. විශේෂයෙන්ම ආටෙමිස් සඳ ගවේෂණ ව්යාපෘතිය වගේ දේවල් නිසා මේ ජාලයට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා. මොකද මිනිසුන් රැගත් යානාවලට ප්රමුඛතාවය දෙන්න සිද්ධ වෙන නිසා අනිත් රොබෝ යානාවලට ලැබෙන අවස්ථාව අඩු වෙන්න පුළුවන්.
මේ ගැටලුව විසඳන්න තමයි නාසා ආයතනය කැලිෆෝනියාවේ ගෝල්ඩ්ස්ටෝන් සංකීර්ණයේ අලුත්ම මීටර් 34ක දැවැන්ත රේඩියෝ ඇන්ටනාවක් සවි කරලා තියෙන්නේ. මේක අගෝස්තු 3 වෙනිදා ඉඳන් වැඩ කරන්න පටන් ගත්තා. ඇත්තටම මේක ඔවුන්ගේ ‘ඇපචර් එන්හැන්ස්මන්ට්’ ව්යාපෘතිය යටතේ හදන හයවෙනි ඇන්ටනාවෙන් පස්වෙනි එකයි. 2029 වෙනකොට මේ ව්යාපෘතිය සම්පූර්ණයෙන්ම ඉවර කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී සඳ මත ස්ථිර කඳවුරු හදන්නත් නාසා ආයතනය සැලසුම් කරලා තියෙන නිසා, මේ වගේ සන්නිවේදන ජාලයක් තව තවත් දියුණු කරගන්න එක අභ්යවකාශ ගවේෂණවලට ගොඩක් වැදගත් වෙනවා.

Discussion & Feedback