නාසා ආයතනය විසින් අඟහරු ග්රහයා වෙත යැවීමට සැලසුම් කර තිබෙන අතිවිශේෂ ‘ස්කයිෆෝල්’ (Skyfall) මෙහෙයුම පිළිබඳව මේ වන විට ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. මේ මෙහෙයුම සඳහා අවශ්ය කරන ආරක්ෂිත කවචය හෙවත් ‘ඇරෝෂෙල්’ (aeroshell) එක නිර්මාණය කිරීමේ වගකීම ‘ෆයර්ෆ්ලයි ඒරොස්පේස්’ (Firefly Aerospace) සමාගමට පැවරීමට නාසා ආයතනය කටයුතු කර තිබෙනවා. ඩොලර් මිලියන 13ක වටිනාකමකින් යුත් මේ ගිවිසුම හරහා අඟහරු වායුගෝලය හරහා ගමන් කරන ස්කයිෆෝල් යානයට අවශ්ය තාප ආරක්ෂාව සහ මඟපෙන්වීම ලබා දීම සිදු කරනවා.
2028 වසරේදී දියත් කිරීමට නියමිත මේ මෙහෙයුම නාසා ආයතනයේ පළමු න්යෂ්ටික බලයෙන් ක්රියාත්මක වන අභ්යවකාශ ගවේෂණ ව්යාපෘතිය ලෙස ඉතිහාසයට එක්වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ අඟහරු වෙත ළඟා වීමට පෙර යානය මගින් හෙලිකොප්ටර් තුනක් අභ්යවකාශයේදීම මුදා හැරීමයි. ‘ස්කයිෆෝල් මැනුවර්’ (SkyFall Maneuver) ලෙස හඳුන්වන මේ ක්රියාවලිය හරහා එම හෙලිකොප්ටර් අඟහරු මතුපිට ජලය සහ අයිස් පවතින ස්ථාන සෙවීමට සහ අනාගත මිනිස් ගවේෂණ සඳහා සුදුසු ස්ථාන හඳුනා ගැනීමට උදව් වෙනවා. ෆයර්ෆ්ලයි සමාගම මේ වන විටත් තම ටෙක්සාස්හි පිහිටි කර්මාන්තශාලාවේ වැඩ කටයුතු ආරම්භ කර ඇති අතර, මෙය අනාගත අභ්යවකාශ ගවේෂණවල තවත් සුවිශේෂී පියවරක් වනු නොඅනුමානයි.

Discussion & Feedback