ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ අක්රිය වූ ඇන්ටනාවක් ඉවත් කිරීම සඳහා නාසා ආයතනයේ අනිල් මෙනන් සහ ප්රංශයේ සොෆී ඇඩෙනොට් යන ගගනගාමීන් දෙදෙනා පසුගියදා අභ්යවකාශ ඇවිදීමක නිරත වුණා. ප්රංශ ජාතික කාන්තාවක් අභ්යවකාශ ඇවිදීමකට එක් වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. ඔවුන්ගේ ප්රධාන අරමුණ වුණේ දත්ත හුවමාරු කිරීමට බාධා පමුණුවන පැරණි ඇන්ටනාව ඉවත් කර අලුත් එකක් සවි කිරීමයි. කෙසේ වෙතත්, බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් විදුලි සම්බන්ධතා විසන්ධි කිරීමට සහ ඇන්ටනාව ගලවා ගැනීමට ගත වූ නිසා, නියමිත පැය හයහමාරක කාලය තුළ වැඩ කටයුතු අවසන් කර ගැනීමට ඔවුන්ට නොහැකි වුණා.
මෙම තත්ත්වය නිසා අභ්යවකාශ මධ්යස්ථානයේ පාලක මැදිරිය විසින් ඔවුන්ට නියෝග කළේ පැරණි ඇන්ටනාව ආරක්ෂිතව ගබඩා කර නව ඇන්ටනාව සවි කිරීමේ කටයුත්ත තවත් දිනකට කල් දමන ලෙසයි. පැය 6යි මිනිත්තු 23ක් පුරා පැවති මෙම අභ්යවකාශ මෙහෙයුම අවසානයේ අදහස් දැක්වූ ගගනගාමීන් සඳහන් කළේ, බලාපොරොත්තු වූ පරිදි සියල්ල සිදු නොවූවත්, හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තමන් හොඳින් සූදානම් වී සිටි බවයි. ඉදිරියේදී පැවැත්වෙන තවත් අභ්යවකාශ මෙහෙයුමකදී මෙම ඉතිරි කාර්යය සම්පූර්ණ කිරීමට නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා.

Discussion & Feedback