ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ සේවය කළ ඇමරිකානු සහ රුසියානු ගගනගාමීන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ ඉරිදා පෘථිවියට නැවත පැමිණීමට නියමිතයි. නාසා ආයතනයේ ක්රිස් විලියම්ස් සහ රොස්කොස්මොස් ආයතනයේ සර්ජි කුඩ්-ස්වර්ච්කොව් සහ සර්ජි මිකායෙව් යන ගගනගාමීන් සෝයුස් MS-28 යානය මගින් කසකස්තානයට ගොඩබෑමට නියමිතව තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේදී අභ්යවකාශ ගත වූ මොවුන් දින 241ක් පුරා අභ්යවකාශයේ රැඳී සිටිමින් පෘථිවිය වටා වට 3,856ක් ගමන් කර තිබීම විශේෂත්වයක්. මෙම ගමන සඳහා ඔවුන් කිලෝමීටර් මිලියන 164කට වැඩි දුරක් ගෙවා තිබෙනවා.
මෙම ගගනගාමීන්ගේ ආපසු පැමිණීමේ ගමන සහ ඊට පෙර සිදුවන අභ්යවකාශ මධ්යස්ථානයේ අණදෙන නිලධාරි මාරුවීම් ඇතුළු සියලුම අවස්ථාවන් නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඉරිදා අලුයම යානය මධ්යස්ථානයෙන් වෙන්වී පැය තුනහමාරකට පමණ පසු කසකස්තානයේ භූමියට ගොඩබෑමට නියමිතයි. ගොඩබෑමෙන් පසු ඔවුන් හෙලිකොප්ටර් මගින් කරගන්ඩා වෙත රැගෙන යන අතර, එතැන් සිට ඔවුන් තම තමන්ගේ රටවලට බලා පිටත්ව යනු ඇති. අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සිදුවීම නැරඹීමට ලොව පුරා සිටින අභ්යවකාශ ලෝලීන් මේ වන විටත් සූදානමින් ඉන්නවා.

Discussion & Feedback