ප්රවීණ නිළි නයෝමි වොට්ස් මේ දිනවල ස්පාඤ්ඤයේ පැවැත්වෙන සැන් සෙබස්තියන් චිත්රපට උළෙලේදී විශේෂ සම්මානයකින් පිදුම් ලැබීමට නියමිතයි. ඇය එහිදී මාධ්ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ හොලිවුඩයේ වයස්ගත කාන්තාවන් දෙස බලන ආකාරය මීට පෙරට වඩා බොහෝ සෙයින් වෙනස් වී ඇති බවයි. තමන් වයස අවුරුදු 30ක් පමණ වන විට හොලිවුඩයට පිවිසි බවත්, ඒ කාලයේ බොහෝ දෙනා පැවසුවේ වයස 40න් පසු රංගන ක්ෂේත්රයේ අවස්ථා අවසන් වන බවත් ඇය සිහිපත් කළා. නමුත් අද වන විට තමන් 50 දශකයේ පසුවුවත් තවමත් සාර්ථකව රංගනයේ නියැලෙන බවත්, පසුගිය එම්මි සම්මාන උළෙලේදී පවා වයස අවුරුදු 50 ඉක්මවූ කාන්තාවන් රැසක් දක්ෂතා දැක්වීම සතුටට කරුණක් බවත් ඇය පවසනවා.
මෙම උළෙලේදී ඇය රංගනයෙන් දායක වන ‘ද හවුස්වයිෆ්’ (The Housewife) චිත්රපටයද තිරගත වීමට නියමිතයි. 1964 වසරේ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වූ මෙම චිත්රපටය ඉතා සංකීර්ණ සහ කුතුහලය දනවන කතාවක් බවයි ඇය පවසන්නේ. මෙහිදී ඇය තවත් වැදගත් කරුණක් සඳහන් කළා. එනම්, තමන් තවමත් ප්රවීණ අධ්යක්ෂ පෝල් තෝමස් ඇන්ඩර්සන් සමඟ වැඩ කිරීමට දැඩි ආශාවකින් පසුවන බවයි. හොලිවුඩයේ වෙනස් වන ප්රවණතා ගැන කතා කරන අතරම, තමන්ගේ ඉදිරි වෘත්තීය ඉලක්ක ගැනත් ඇය මෙහිදී විවෘතව අදහස් දැක්වීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා.

Discussion & Feedback