ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අසමසම ගායන ශිල්පිනියක් වුණු නන්දා මාලිනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඇයගේ දේහය හෙට (21) උදේ 10 ඉඳන් නාවල, විජයබා මාවතේ පිහිටි ඇයගේ නිවසේදී හිතවතුන්ට සහ රසිකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තියෙනවා.
ඉන් අනතුරුව, සෙනසුරාදා දින පස්වරු 3.30ට ආගමික වතාවත් සිදුකිරීමෙන් පස්සේ දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතයි. ඇයගේ අවසන් කැමැත්තට අනුව, කිසිදු විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව, ඉතා සරලව පස්වරු 5ට බොරැල්ල සුසාන භූමියේදී දේහය ආදාහනය කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. අපේ රටේ සංගීත ක්ෂේත්රයට ඇය ලබා දුන් අමිල මෙහෙවර සිහිපත් කරමින් බොහෝ දෙනෙක් මේ මොහොතේ ඇයට අවසන් ගෞරව දක්වන්න සූදානම් වෙනවා.

Discussion & Feedback