මේ දිනවල කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුරයේ පැවති ‘ජන සටන’ රැලිය අමතමින් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. තමන් යකඩ කූරු පිටුපස සිටියත්, ආධාරකරුවන්ගේ සහයෝගය තමන්ට දැනෙන බවත්, මේ අභියෝග හමුවේ තමන් කිසිසේත්ම පසුබසින්නේ නැති බවත් ඔහු පවසනවා. නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රසිද්ධ කියමනක් උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ, දුෂ්කරතා සමහර අයව බිඳ දමන අතර තවත් අයව වඩාත් ශක්තිමත් කරන බවයි. තම පියාගෙන් උගත් පාඩම් අනුව ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
වත්මන් රජය දැඩි ලෙස විවේචනය කරන නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරන්නේ, ආණ්ඩුව මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවයි. බදු බර සහ ජීවන වියදම නිසා සාමාන්‍ය ජනතාව, ගොවීන් සහ ධීවරයන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව ඔහු පවසනවා. මීට අමතරව, රාජ්‍ය ආයතන දේශපාලනීකරණය කිරීම, පළාත් සභා මැතිවරණ කල් දැමීම සහ තරුණ පරපුරට රැකියා අවස්ථා අහිමි වීම වැනි කරුණු සම්බන්ධයෙන්ද ඔහු රජයට චෝදනා එල්ල කරනවා. කෙසේ වෙතත්, තම අධිෂ්ඨානය කිසිවෙකුටත් සිරගත කළ නොහැකි බව පවසන ඔහු, සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නීතියට ගරු කරමින් සාමකාමීව කටයුතු කරන ලෙසයි.

Discussion & Feedback