නෙට්ෆ්ලික්ස් හි ජනප්රිය කතා මාලාවක් වන ‘මයි ලයිෆ් විත් ද වෝල්ටර් බෝයිස්’ (My Life with the Walter Boys) හි තුන්වන වාරය මේ වන විට නිකුත් වෙලා තියෙනවා. මේ කතා මාලාව නිකුත් වුණු මුල් දවස් දහය ඇතුළත නෙට්ෆ්ලික්ස් හි ඉංග්රීසි ටීවී ලැයිස්තුවේ ඉහළින්ම රැඳී සිටීමට සමත් වුණත්, දෙවන වාරයට සාපේක්ෂව මෙවර ප්රේක්ෂක ආකර්ෂණය යම් තරමකින් අඩු වෙලා තියෙන බවයි සංඛ්යාලේඛන පෙන්වා දෙන්නේ. අගෝස්තු 10 සිට 16 දක්වා කාලය තුළ මිලියන 8.7ක නැරඹුම් වාර සංඛ්යාවක් වාර්තා වුණත්, පසුගිය වාරවලට වඩා මෙය පසුබෑමක් විදියටයි බොහෝ දෙනා දකින්නේ. කෙසේ වෙතත්, මේ කතා මාලාවේ හතරවන වාරය දැනටමත් නිෂ්පාදනය වෙමින් පවතින බවත් සඳහන් වෙනවා.
අනිත් පැත්තෙන් බැලුවොත්, ෂේන් ගිලිස්ගේ ‘ටයර්ස්’ (Tires) නම් වැඩබිම් කතා මාලාව මේ දිනවල ප්රේක්ෂකයන් අතර වැඩි ජනප්රියත්වයක් ලබා ගන්නවා. තුන්වන වාරය නිකුත් වූ මුල් සති අන්තයේම මිලියන 2.4ක නැරඹුම් වාර ලබා ගනිමින් ලැයිස්තුවේ 9 වන ස්ථානයට පැමිණීමට එය සමත් වුණා. විශේෂයෙන්ම ඇමරිකාව තුළ මේ කතා මාලාවට ලැබෙන ප්රතිචාර 33%කින් වර්ධනය වී තිබීම කැපී පෙනෙන කරුණක්. මීට අමතරව, හාර්ලන් කෝබන්ගේ ‘අයි විල් ෆයින්ඩ් යූ’ (I Will Find You) කතා මාලාවත් තවමත් ප්රේක්ෂකයන් අතර ජනප්රියව පවතින අතර, එය මේ වන විට නෙට්ෆ්ලික්ස් හි වැඩිපුරම නැරඹූ කතා මාලා ලැයිස්තුවේ අටවන ස්ථානයට පත් වෙලා තියෙනවා.

Discussion & Feedback