ලොව පුරා අතිශය ජනප්රිය වුණු ‘මයි හීරෝ ඇකඩමියා’ මැංගා කතා මාලාව අවසන් වෙලා වසර දෙකකට පස්සේ, එහි නිර්මාතෘ කොහේ හොරිකෝෂි රසිකයන්ව පුදුම කරමින් අලුත්ම නිර්මාණයක් අරගෙන ඇවිත් තියෙනවා. සුපිරි වීරයන්ගේ ලෝකයෙන් බැහැර වෙලා, ඔහු මේ සැරේ තෝරගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම ආරක්. ‘Quit Laughing, Shijima’ නමින් එළිදැක්වුණු මේ අලුත් මැංගා එක හරහා හොරිකෝෂි අපිට අරගෙන එන්නේ භීෂණය සහ අද්භූත දේවල් පිරුණු කතාවක්. මේ කතාවේ ප්රධාන චරිත දෙකක් වටා ගෙතෙන ආදර කතාවක් එක්කම, මුහුදේ සැඟවුණු බිහිසුණු ජීවීන් ගැනත් මෙහි කියවෙනවා.
මේ අලුත් නිර්මාණය දැනටමත් රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම ‘මයි හීරෝ ඇකඩමියා’ රසිකයන්ට හුරුපුරුදු චරිත නිර්මාණ ශෛලියක් මෙහි දකින්න ලැබුණත්, කතාවේ තියෙන අඳුරු සහ බිහිසුණු ස්වභාවය නිසා මේක හරිම වෙනස් අත්දැකීමක්. දැනට පිටු 60ක කෙටි කතාවක් විදිහට නිකුත් වුණත්, මේකේ තියෙන ජනප්රියත්වය නිසාම ඉදිරියේදී මේක දිගු කතා මාලාවක් විදිහට එන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ විතරක් නෙවෙයි, මේ කතාව ඇනිමෙ එකක් විදිහට නිර්මාණය කරන්නත් දැනටමත් උනන්දුවක් තියෙන බව තමයි ආරංචි වෙන්නේ. හොරිකෝෂිගේ මේ අලුත් ගමන ගැන ඔයාලා මොකද හිතන්නේ?

Discussion & Feedback