ලෝක ප්‍රකට බිලියනපතියෙක් වන එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් (SpaceX) සමාගම ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ දැවැන්ත අභ්‍යවකාශ දියත් කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. ඩොලර් බිලියන 100ක වියදමින් ඉදිකරන මේ ව්‍යාපෘතිය ‘ස්ටාර්බේස් ලුසියානා’ (Starbase, Louisiana) ලෙස නම් කරලා තියෙන අතර, එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට නියමිතයි. අක්කර 125,000ක භූමි ප්‍රමාණයක විහිදෙන මෙම මධ්‍යස්ථානය, ස්පේස් එක්ස් සමාගමේ මෙතෙක් ඉදිකළ විශාලතම දියත් කිරීමේ මධ්‍යස්ථානය බවට පත්වෙනවා. සඳ, අඟහරු සහ පෘථිවි කක්ෂය වෙත වාර්ෂිකව දහස් ගණනක් ස්ටාර්ෂිප් රොකට් ගමන් ආරම්භ කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මේ ව්‍යාපෘතිය හරහා ලුසියානා ප්‍රාන්තයේ රැකියා අවස්ථා 3,000කට වඩා සෘජුවම නිර්මාණය වෙනවා වගේම, වක්‍රව තවත් රැකියා 8,100ක් පමණ බිහිවෙනු ඇතැයි අපේක්ෂා කරනවා. විශේෂම දේ තමයි, මෙහි සේවය කරන අයට ලැබෙන වැටුප එම ප්‍රදේශයේ සාමාන්‍ය වැටුපට වඩා 192%කින් ඉහළ අගයක් ගැනීමයි. 2029 වසරේදී පළමු ස්ටාර්ෂිප් ගුවන් ගමන දියත් කිරීම සමාගමේ ඉලක්කයයි. අභ්‍යවකාශ ක්ෂේත්රයේ ලෝක මධ්‍යස්ථානයක් ලෙස ලුසියානාව ගොඩනැගීමට මෙම ව්‍යාපෘතිය විශාල පිටුවහලක් වෙනවා. ස්පේස් එක්ස් සමාගම සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කරමින් අඟහරු වෙත යාමේ සිහිනය සැබෑ කරගන්නට මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වෙමින් ඉන්නවා.

Discussion & Feedback