ලොව ධනවත්ම පුද්ගලයා වන එලොන් මස්ක්ගේ ජීවිතය සහ ඔහුගේ ව්යාපාරික කටයුතු ගැන නිර්මාණය කරපු අලුත්ම වාර්තා චිත්රපටයේ ටීසර් එක දැන් එළිදක්වලා තියෙනවා. ඇලෙක්ස් ගිබ්නි විසින් අධ්යක්ෂණය කරපු මේ චිත්රපටය මස්ක්ගේ ප්රතිරූපයට එතරම් හිතකර එකක් නම් නෙවෙයි කියලා තමයි ආරංචි වෙන්නේ. මේ ටීසර් එකේ මුලින්ම මස්ක්ව අගය කරන අයගේ කතා ඇහුණත්, පස්සේ ඔහු ගැන ඉතාම දැඩි විවේචන එල්ල වෙනවා. විශේෂයෙන්ම ඔහුව ‘අස්ථායී’, ‘කෲර’ සහ ‘ස්වර්ථකාමී’ කෙනෙක් විදිහට තමයි විවිධ අය විස්තර කරන්නේ. මස්ක් සහ අධ්යක්ෂකවරයා අතර සමාජ මාධ්ය හරහාත් කලින් ගැටුම් ඇතිවෙලා තියෙන නිසා මේ චිත්රපටය ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
පැය හතරකට ආසන්න කාලයක් පුරා දිවෙන මේ වාර්තා චිත්රපටය මුලින්ම ප්රදර්ශනය වෙන්නේ වැනීසිය චිත්රපට උළෙලේදීයි. ඉන්පසුව ඔක්තෝබර් 16 වෙනිදා සිට සිනමාහල්වලත්, පසුව HBO සහ මැක්ස් වේදිකාවලත් මේක නරඹන්න පුළුවන් වෙනවා. මස්ක් කියන්නේ හරිම අමුතු චරිතයක් නිසා, ඔහු වැඩ කරන විදිහ ගැන මිනිස්සු නොදන්නා පැති ගොඩක් මේ චිත්රපටයෙන් එළියට ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා අධ්යක්ෂකවරයා පවසනවා. මේක නිකම්ම මස්ක්ට හොඳ හෝ නරක කියන එකක් නෙවෙයි, ඔහු ඇත්තටම කවුද සහ ඔහු කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන අලුත් විදිහක විග්රහයක් වෙයි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඔස්කාර් සම්මාන උළෙල ඉලක්ක කරගෙන මේ චිත්රපටය නිර්මාණය කරලා තියෙන නිසා මේක ලොකු අවධානයක් දිනාගන්නා එකක් බව නම් සහතිකයි.

Discussion & Feedback