මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකුගේ හදවතේ තියෙන ලොකුම බලාපොරොත්තුව ඉටුකර දෙන්න කියලා ප්‍රවීණ ගායක දයාන් විතාරණ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී ඉල්ලීමක් කරලා තියෙනවා. දයාන් විතාරණ, සෙව්වන්දි රණතුංග සහ ප්‍රියනාත් රත්නායක යන ශිල්පීන් පිරිසක් මෑතකදී රෝහලේ ‘ශාන්ත සෙවන’ වාට්ටුවේ පැවැත්වූ සංගීතමය වැඩසටහනකදී තමයි මේ හද කම්පා කරවන සිදුවීම වාර්තා වුණේ. ඉතා අසනීප තත්ත්වයෙන් පසු වුණත්, ඒ රෝගියා තමන්ට ප්‍රියතම ගීත කිහිපයක් ගායනා කරන ලෙස ගායක ශිල්පීන්ගෙන් ඉල්ලා සිටියා.
සංගීතය රසවිඳින අතරතුර ඔහු තමන්ගේ ජීවිතයේ සැඟවුණු කතාවක් හෙළි කළා. මීට වසර විස්සකට පමණ පෙර තමන්ගෙන් වෙන්ව ගිය ආදරණීය පෙම්වතිය මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බවත්, ඇයව තවත් එකම එක වතාවක් දැකගන්න ලැබෙනවා නම් එය තම ජීවිතයේ ලොකුම සතුට බවත් ඔහු ඉතා සංවේදීව පවසා තිබෙනවා. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවිනිශ්චිත බවක් තිබුණත්, ඇයව දැකීමේ බලාපොරොත්තුව ඔහු තුළ තවමත් නොනැසී පවතිනවා.
මේ රෝගියාගේ ඉල්ලීම ඉටුකර දෙන්න උදව් කරන්න කියලා දයාන් විතාරණ සහ සෙව්වන්දි රණතුංග මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් ද පළ කර තිබෙනවා. යම් හෙයකින් මේ රෝගියා හෝ ඔහුගේ ආදරණීය පෙම්වතිය ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම්, ඒ දෙදෙනා නැවත මුණගැස්සවීමට උදව් කරන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. මේ වගේ උතුම් ක්‍රියාවකට දායක වීම ලොකු පිනක් බවත් ඔවුන් සිහිපත් කරනවා.

Discussion & Feedback