දැන් ලෝකයේ සංගීත ක්ෂේත්රය තුළ කෘත්රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිතය ඉතා වේගයෙන් වැඩි වෙලා තියෙනවා. මේ නිසාම සංගීත ලෝලීන්ට තමන් අහන සිංදුවක් සම්පූර්ණයෙන්ම AI මගින් නිර්මාණය කරපු එකක්ද නැත්නම් මනුෂ්ය නිර්මාණයක්ද කියලා වෙන් කරලා හඳුනා ගන්න අලුත් ලේබල් ක්රමයක් හඳුන්වා දෙන්න සංගීත කර්මාන්තයේ ප්රධාන ආයතන එකතු වෙලා තියෙනවා. මේ වැඩපිළිවෙලට RIAA, Grammys සහ SAG-AFTRA වගේ ලෝකයේ ප්රධාන පෙළේ සංගීත සංවිධාන රැසක් සහයෝගය ලබා දෙනවා.
මෙම ලේබල් ක්රමය යටතේ ප්රධාන වර්ග දෙකක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, සම්පූර්ණයෙන්ම හෝ ප්රධාන වශයෙන් AI තාක්ෂණයෙන් නිර්මාණය වූ ගීත සඳහා ‘AI-Generated’ ලෙසත්, මනුෂ්ය නිර්මාණයක් වුවත් යම් යම් කොටස් සඳහා පමණක් AI භාවිත කර ඇති ගීත සඳහා ‘AI-assisted’ ලෙසත් ලේබල් යොදනු ලබනවා. දැනට මේ ක්රමය ස්වේච්ඡාවෙන් සිදු කරන්නක් වුණත්, ඉදිරියේදී සංගීත වේදිකා හරහා මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබා දීම ඔවුන්ගේ අරමුණයි. විශේෂයෙන්ම Deezer සහ Apple Music වැනි වේදිකාවල AI මගින් නිර්මාණය වූ ගීත විශාල වශයෙන් අන්තර්ගත වී තිබීම නිසා, රසිකයන්ගේ විනිවිදභාවය වෙනුවෙන් මේ පියවර ඉතා වැදගත් වෙනවා.
කෙසේ වෙතත්, දැනට මෙම ලේබල් ක්රමය අදාළ වෙන්නේ ශබ්ද පටිගත කිරීම් සඳහා පමණයි. ගීත රචනා, සංගීත වීඩියෝ හෝ කවර නිර්මාණ සඳහා AI භාවිතය ගැන මෙහිදී සඳහන් වෙන්නේ නැහැ. කෙසේ වුණත්, සංගීත ලෝලීන්ගේ විශ්වාසය රැකගන්න සහ නිර්මාණවල සැබෑ ස්වභාවය හඳුනා ගන්න මේ පියවර ලොකු පිටුවහලක් වේවි කියලා තමයි සංගීත ක්ෂේත්රයේ ප්රධානීන් පවසන්නේ.

Discussion & Feedback