ලොවක් දිනූ බොක්සිං ශූරයෙක් වගේම මානුෂීයවාදියෙක් වුණු මුහම්මද් අලිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වුණු ‘ද ග්රේටස්ට්’ (The Greatest) සීමිත කතා මාලාව නොවැම්බර් 4 වැනිදා සිට ප්රයිම් වීඩියෝ (Prime Video) ඔස්සේ විකාශය වෙන්න නියමිතයි. මේ පිළිබඳව නිල වශයෙන් ප්රකාශ කළේ එසන්ස් සංස්කෘතික උළෙලේදීයි. ජේලන් බෙස්ට් විසින් මුහම්මද් අලිගේ චරිතයට පණ පොවන මේ කතා මාලාව, අලිගේ ජීවිතයේ වැදගත්ම අවස්ථා සහ බොක්සිං වළල්ල ඇතුළත සහ පිටත සිදුවුණු නොදන්නා බොහෝ දේ ගැන කතා කරනවා.
මේ කතා මාලාව විශේෂ වෙන්නේ මුහම්මද් අලිගේ බිරිඳ වන ලොනී අලිගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වුණු පළමු අවසරලත් කතා මාලාව මෙය වීම නිසයි. කොටස් අටකින් සමන්විත මේ නිර්මාණය සඳහා මයිකල් බී. ජෝර්ඩන් ඇතුළු ප්රවීණ නිෂ්පාදකවරුන් රැසක් දායක වෙලා තියෙනවා. මේ වන විටත් නිකුත් කරලා තියෙන ටීසර් පටය හරහා අලිගේ ජීවිතයේ අභියෝගාත්මක ගමන ගැන යම් ඉඟියක් ලබාගන්න පුළුවන්. ඉතින්, ලොවම ආදරය කළ ඒ මහා ක්රීඩකයාගේ ජීවිත කතාව නැරඹීමට බලා සිටින රසිකයන්ට නොවැම්බර් 4 වැනිදා සිට ප්රයිම් වීඩියෝ හරහා මේ අපූරු අත්දැකීම විඳගන්න පුළුවන් වේවි.

Discussion & Feedback