ලබන සැප්තැම්බර් 26 වැනිදා නිව්යෝර්ක් නුවර සෙන්ට්රල් පාර්ක්හිදී පැවැත්වෙන 2026 ග්ලෝබල් සිටිසන් උළෙල මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියල්ල සූදානම්. ලොව පුරා පවතින අන්ත දරිද්රතාවය තුරන් කිරීමේ අරමුණින් සංවිධානය කරන මෙම දැවැන්ත ප්රසංගය මෙවරත් හියු ජැක්මන් විසින් මෙහෙයවනු ලබනවා. මෙහිදී ලෝක ප්රසිද්ධ ගායක ගායිකාවන් වන මිස් ලෝරින් හිල්, වයික්ලෙෆ් ජීන්, ලෙනී ක්රාවිට්ස්, ජෝන් ලෙජන්ඩ් සහ තවත් බොහෝ ජනප්රිය තරු රැසක් සිය දක්ෂතා දක්වන්න නියමිතයි. විශේෂයෙන්ම ‘ෆියුජීස්’ සංගීත කණ්ඩායමේ ‘ද ස්කෝර්’ ඇල්බමයට වසර 30ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුමක්ද මෙහිදී දැකගන්න පුළුවන්.
මෙම උත්සවයේ ප්රධාන අරමුණ වන්නේ ලෝකයේ දරුවන් මිලියන දෙකකට අධ්යාපනය ලබාදීම, කුඩා පරිමාණ ගොවීන් ලක්ෂ 15කට සහාය වීම සහ නිවාස මිලියන 2.5කට විදුලිය ලබාදීම වැනි අත්යවශ්ය කරුණු වෙනුවෙන් ලෝකයේ අවධානය යොමු කිරීමයි. මේ සඳහා සහභාගී වීමට අවශ්ය ප්රවේශපත්ර නොමිලේ ලබාගන්න පුළුවන්. ඒ සඳහා ග්ලෝබල් සිටිසන් ඇප් එක හරහා විවිධ සමාජ සත්කාරක ක්රියාවලීන්වල නිරත වෙමින් ලකුණු එකතු කරගන්න ඕනේ. නැතිනම් ඩොලර් 25ක පරිත්යාගයක් සිදු කිරීමෙන්ද ඔබට ප්රවේශපත්රයක් ලබාගන්න පුළුවන්. මෙයින් ලැබෙන මුදල් නිව්යෝර්ක් නගරයේ තරුණ අධ්යාපන වැඩසටහන් සහ නිවාස නොමැති පුද්ගලයන්ට උපකාර කරන ආයතන වෙනුවෙන් යොදවනවා. අන්ත දරිද්රතාවය අවසන් කළ හැකි බව ලෝකයට පෙන්වා දීමට මෙය කදිම අවස්ථාවක් බවයි සංවිධායකයන් පවසන්නේ.

Discussion & Feedback