2025 වසරේ ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳි තායිලන්තයේ චනිතා සීඩකෙට් ක්‍රේතෝන් මහත්මිය, ඉදිරියේදී පැවැත්වෙන මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් 2026 තරගාවලියේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වීමට නියමිතයි. මේ පිළිබඳ නිල ආරාධනය ඇයට ලබා දී තිබෙන්නේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ඊ.ඒ.එස්. විජයන්ති එදිරිසිංහ මහත්මියගේ බැංකොක් නුවර පිහිටි නිල නිවසේදීයි. මෙම අවස්ථාවට මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් හි ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංස්කෘතික මෙන්ම සංචාරක ක්ෂේත්රයේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වන බව තානාපතිනිය පවසනවා. විශේෂයෙන්ම කාන්තා සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් ජාත්‍යන්තරයට ගෙන යාම අරමුණු කරගෙන මෙම තරගාවලිය සංවිධානය කරන බව චන්දිමාල් ජයසිංහ මහතා මෙහිදී පැහැදිලි කළා. තමන්ට ලැබුණු මෙම ආරාධනය පිළිබඳව සතුට පළ කළ චනිතා ක්‍රේතෝන් මහත්මිය, ශ්‍රී ලංකාවට පැමිණීමට ඉතා උනන්දුවෙන් පසුවන බවත් සඳහන් කළා.
මෙම සංචාරය දෙරට අතර පවතින මිත්‍රත්වය වර්ධනය කිරීමටත්, ජාත්‍යන්තර මට්ටමේ උත්සව සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා විශාල පිටුවහලක් වනු ඇති බවයි තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ. ඉදිරියේදී පැවැත්වෙන මෙම උත්සවය ශ්‍රී ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ බැබළවීමට කදිම අවස්ථාවක් වනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

Discussion & Feedback