දැන් AI තාක්ෂණය හරහා නිර්මාණය කරන වීඩියෝ සහ රූපවලදී හොලිවුඩ් චිත්රපටවල අයිතිය තියෙන දේවල් (Intellectual Property) අවභාවිතා වීම වළක්වන්න ටික්ටොක් සමාගමේ හිමිකාරීත්වය දරන ByteDance ආයතනය සහ Motion Picture Association (MPA) අතර විශේෂ එකඟතාවයකට ඇවිත් තියෙනවා. මීට කලින් ටොම් කෲස් සහ බ්රැඩ් පිට් වගේ ප්රසිද්ධ නළු නිළියන්ගේ රූප යොදාගෙන AI මගින් ව්යාජ වීඩියෝ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් MPA එකෙන් ByteDance ආයතනයට දැඩි විරෝධයක් එල්ල කරලා තිබුණා. ඒ නිසා මේ දෙපාර්ශ්වයම එකතු වෙලා Seedream සහ Seedance වගේ AI මෙවලම්වලදී ප්රකාශන හිමිකම් ආරක්ෂා කරන්න අවශ්ය ආරක්ෂිත පියවර (guardrails) ක්රියාත්මක කරන්න තීරණය කරලා තියෙනවා.
මේ ගිවිසුම ටික්ටොක්, CapCut සහ Dreamina වගේ වේදිකාවලටත් බලපානවා. MPA සභාපති චාල්ස් රිව්කින් කියන විදිහට, AI තාක්ෂණය දියුණු වෙනකොට නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න මේක ලොකු පියවරක්. ByteDance ආයතනයත් මේක වැදගත් පියවරක් විදිහට දකිනවා. කොහොම වුණත්, මේ ප්රශ්නය මෙතනින්ම ඉවර වෙන්නේ නැහැ. මොකද Warner Bros, NBCUniversal සහ Disney වගේ ලොකු සමාගම් දැනටමත් Midjourney වගේ AI ආයතනවලට විරුද්ධව නඩු පවරලා තියෙනවා. AI පුහුණු කිරීමේදී සහ ප්රතිදානයන් ලබා දීමේදී ප්රකාශන හිමිකම් උල්ලංඝනය වෙනවා කියන එක තමයි ඔවුන්ගේ තර්කය. ඉතින් AI ලෝකයේ මේ ප්රකාශන හිමිකම් සටන තවදුරටත් උණුසුම් වෙමින් පවතින බව අපිට බලාගන්න පුළුවන්.

Discussion & Feedback