පසුගිය කාලයේ ‘බාබි’ චිත්රපටයේ ලැබුණු දැවැන්ත සාර්ථකත්වයත් එක්ක, පැරණි සෙල්ලම් බඩු ආශ්රිතව නිර්මාණය වන චිත්රපට රැල්ලක් හොලිවුඩය පුරාම දකින්න ලැබෙනවා. මේ අතරේ 1960 දශකයේ අතිශය ජනප්රිය වුණු ‘මේජර් මැට් මේසන්’ කියන අභ්යවකාශ වීරයාගේ චරිතය නැවතත් කරළියට එන්න නියමිතයි කියලයි ආරංචි වෙන්නේ. ඇත්තටම මේ මැට් මේසන් කියන්නේ නාසා ආයතනයේ ඇපලෝ මෙහෙයුම් යුගයේදී දරුවන් අතර ගොඩක් ජනප්රිය වුණු අභ්යවකාශගාමී සෙල්ලම් බඩුවක්. ඒ කාලේ යුද්ධය ගැන කතා බහ වැඩි වෙද්දී, තුවක්කු අතැති සොල්දාදුවන් වෙනුවට අභ්යවකාශ ගවේෂකයෙක් විදිහට මේ චරිතය දරුවන්ගේ ආදරය දිනාගත්තා.
මේ චිත්රපටය ගැන මීට කලින් ඉඳන්ම හොලිවුඩයේ කතාබහක් තිබුණා. ප්රවීණ නළු ටොම් හැන්ක්ස් මේ චිත්රපටයේ ප්රධාන චරිතයට සම්බන්ධ වෙන්න නියමිතව තිබුණත්, විවිධ හේතු නිසා ඒ වැඩකටයුතු ටික කාලෙකට නතර වෙලා තිබුණා. කොහොම වුණත්, මේජර් මැට් මේසන්ගේ 60 වැනි සංවත්සරය සමරන මේ වසරේ, නැවතත් මේ ව්යාපෘතිය ගැන බලාපොරොත්තු දල්වන්න පුළුවන්. අභ්යවකාශ ගවේෂණය, අමුතු පිටසක්වල ජීවීන් සහ අභ්යවකාශ මධ්යස්ථාන වගේ දේවල් එක්ක මේ චිත්රපටය නිර්මාණය වුණොත්, ඒක අනිවාර්යයෙන්ම සිනමා ලෝලීන්ට අලුත් අත්දැකීමක් වේවි. ඉදිරියේදී මේ ගැන තවත් තොරතුරු දැනගන්න අපිට පුළුවන් වෙයි.

Discussion & Feedback