ලෝක ප්‍රසිද්ධ පාපන්දු පුහුණුකරුවෙක් වන ජෝසේ මොරින්හෝගේ ජීවිත කතාව අලලා නිර්මාණය කරපු අලුත්ම වාර්තා චිත්‍රපට මාලාව අගෝස්තු 11 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා ලොව පුරා ප්‍රදර්ශනය කරන්න නියමිතයි. මේ වාර්තා චිත්‍රපටය සඳහා මෑතකදී නිකුත් කරපු ටීසර් එකේදී මොරින්හෝ තමන්ගේ ජයග්‍රහණ ගැන හරිම ආඩම්බරයෙන් කතා කරනවා අපිට දකින්න පුළුවන්. තමන්ගේ කුසලාන කාමරයේ තියෙන වටිනාම දේවල් අතරේ මැරඩෝනාගේ අත්සන් කරපු සපත්තු සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පළමු වෘත්තීය කමිසය ගැන ඔහු හරිම ආසාවෙන් විස්තර කරනවා. “මම 2003 ඉඳන් 2022 වෙනකම් අවුරුදු 20ක් පුරාවට ජයග්‍රහණ ලබාගත්තා. දිනන්නේ නැති කෙනෙක් ගැන කවුරුත් වාර්තා චිත්‍රපට හදන්නේ නැහැ” කියලා ඔහු කියන්නේ තමන්ගේ සාර්ථකත්වය ගැන තියෙන විශ්වාසය නිසාමයි.
මේ වාර්තා චිත්‍රපටය වසර දෙකක් පුරාවට රූගත කරපු එකක්. ඒ හරහා මොරින්හෝගේ පුහුණුකාර දිවියේ ආරම්භයේ ඉඳන් ඔහු ලබාගත්ත දැවැන්ත ජයග්‍රහණ ගැන ගැඹුරින් කතා කරනවා. විශේෂයෙන්ම පෝටෝ, චෙල්සි, ඉන්ටර් මිලාන් සහ රියල් මැඩ්රිඩ් වගේ දැවැන්ත සමාජ කණ්ඩායම් එක්ක ඔහු කරපු දේවල් මේකේ අන්තර්ගත වෙනවා. ඒ වගේම ඇලෙක්ස් ෆර්ගියුසන්, ස්ලැටන් ඉබ්‍රහිමොවිච්, දිදියේ ඩ්රොග්බා වගේ පාපන්දු ලෝකයේ දැවැන්තයෝ ගොඩක් මේ වාර්තා චිත්‍රපටයට එකතු වෙලා ඉන්නවා. තමන්ට ලැබුණු ‘ස්පෙෂල් වන්’ කියන නම ගැනත් මොරින්හෝ මේකේදී හරි අපූරු විදිහට අදහස් දක්වනවා. පාපන්දු ක්‍රීඩාවට ආදරේ කරන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම බලන්න ඕන වාර්තා චිත්‍රපටයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback