ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේදී ගසක එල්ලී තිබියදී හමුවූ ටේසියා ෆෝචූන් නම් 29 හැවිරිදි සිව්දරු මවගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට අලුත්ම තොරතුරු ටිකක් එළියට ඇවිත් තියෙනවා. මුලින්ම මේ සිද්ධිය දැක්කම හැමෝම හිතුවේ මේක ජාතිවාදී ප්‍රහාරයක් කියලා. ඒත් පොලිසිය පරීක්ෂණ කරලා කියන්නේ ඇය ගසක එල්ලෙන්න කලින්ම මියගිහින් ඉඳලා තියෙනවා කියලයි. මේක හිතාමතාම සැලසුම් කරපු මිනීමැරුමක් බවත්, ඇගේ සිරුර පසුව ගසක එල්ලලා තියෙන්නේ පරීක්ෂණ නොමග යවන්න බවත් පොලිසිය තහවුරු කරලා තියෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. පොලිසිය කියන විදිහට මේ මරණයට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් වෙන්න පුළුවන්. ඒත් මියගිය තරුණියගේ මව වන ක්‍රිස්ටි ස්පයිවි කියන්නේ තමන්ගේ දුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටියත්, ඇයට මෙහෙම අමානුෂික විදිහට මැරෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ කියලයි. ඇය තවමත් ඉන්නේ ලොකු කම්පනයකින්. මොකද ඇයට තවමත් තමන්ගේ දුව ඇත්තටම මැරුණේ කොහොමද කියන ප්‍රශ්නයට උත්තර ලැබිලා නැහැ.
මේ සිද්ධිය නිසා අසරණ වෙලා ඉන්නේ ටේසියාගේ පුංචි දරුවෝ හතර දෙනායි. ඔවුන්ව දැන් බලාගන්නේ නෑදෑයන් සහ යාළුවන් විසින්. මේ මරණය පිටුපස තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා දැනගන්න ඇයගේ මව වගේම ප්‍රදේශවාසීනුත් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. පොලිසිය මේ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.

Discussion & Feedback