යුක්රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කරගෙන රුසියාව විසින් ඊයේ රාත්‍රියේ එල්ල කළ දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ ප්‍රහාරය කියෙව් නගරාධිපතිවරයා හඳුන්වලා තියෙන්නේ යුද්ධය ආරම්භ වුණාට පස්සේ එල්ල වුණු දරුණුතම ප්‍රහාරය විදියටයි. මේ ප්‍රහාරයෙන් තවත් 91 දෙනෙක් තුවාල ලබා තිබෙන අතර, ගිලන් රථ සේවාවක් සහ නේවාසික මහල් නිවාස සංකීර්ණ රැසකට දැඩි හානි සිදුවෙලා තියෙනවා. ප්‍රහාරය පැය 11කට වඩා වැඩි කාලයක් පුරා රැල්ලෙන් රැල්ලට එල්ල වුණු නිසා නගරයේ ජනතාව දැඩි භීතියට පත්වුණා.
ප්‍රහාරය නිසා කියෙව් නගරයේ භූගත දුම්රිය ස්ථානවල 52,500කට අධික පිරිසක් ආරක්ෂාව පතා රැඳී සිටියා. රුසියාව පවසන්නේ තමන් යුක්රේන හමුදා ඉලක්ක කර පහර දුන් බව වුණත්, ඇත්තටම සිදුවෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව ජීවත් වන ප්‍රදේශවලට බෝම්බ හෙළීමයි. මේ ප්‍රහාරයෙන් රතු කුරුස සංවිධානයේ ගබඩාවක් විනාශ වී මිලියන ගණනක සහන ද්‍රව්‍ය අහිමි වීම නිසා ඉදිරි මානුෂීය මෙහෙයුම්වලටත් විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා. නගරයේ නටබුන් අතරේ තවමත් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. යුද්ධය නිසා හෙම්බත් වෙලා ඉන්න කියෙව් වැසියන් මේ ප්‍රහාර රටාව වෙනස් වෙමින් පවතින බවත්, ප්‍රහාර වඩාත් දීර්ඝ කාලයක් පුරා සිදුවන බවත් පවසනවා.

Discussion & Feedback