ප්රසිද්ධ බ්රිතාන්ය ගායක මොරිසි ලාස් වේගාස් නුවර පැවැත්වීමට නියමිතව තිබූ ඔහුගේ ප්රසංග මාලාව හදිසියේම අවලංගු කරලා තියෙනවා. අගෝස්තු 14 වැනිදා ආරම්භ වෙන්න තිබුණු මේ ප්රසංග හතරම අවලංගු කිරීමට හේතුව විදිහට සංවිධායකයන් සඳහන් කරන්නේ අනපේක්ෂිත සැපයුම් දාම ගැටලු (logistical issues) කියලයි. මේ ගැන ප්රසංග සඳහා ටිකට්පත් මිලදී ගත් රසිකයන්ට ඊමේල් පණිවිඩයක් මගින් දැනුම් දීලා තියෙනවා වගේම, මේ වන විට වින් ලාස් වේගාස් වෙබ් අඩවියෙනුත් එම ප්රසංග පිළිබඳ තොරතුරු ඉවත් කරලා තියෙනවා.
මොරිසි කියන්නේ ප්රසංග අවලංගු කිරීම සම්බන්ධයෙන් නිතරම කතාබහට ලක්වෙන චරිතයක්. මේ වසරේ පමණක් ඔහු තමන්ගේ ප්රසංග 22ක් අවලංගු කරලා තියෙනවා වගේම තවත් 10ක් කල් දාලා තියෙනවා. අසනීප තත්ත්වයන්, බෙහෙත් වර්ගවල අතුරු ආබාධ වගේ විවිධ හේතු ඔහු මීට පෙර ප්රසංග අවලංගු කිරීමට ඉදිරිපත් කරලා තිබුණා. කොහොම වුණත්, ඔහුගේ රසිකයන් නම් මේ වගේ හදිසි අවලංගු කිරීම්වලට දැන් හුරු වෙලා ඉන්නේ. මොරිසිගේ මීළඟ ප්රසංගය සැප්තැම්බර් 19 වැනිදා චිකාගෝ නුවරදී පැවැත්වීමට නියමිතයි. ඔහු අවසන් වරට වේදිකාවක දකින්න ලැබුණේ අගෝස්තු පළමුවැනිදා පෘතුගාලයේ පැවැති ප්රසංගයකදීයි.

Discussion & Feedback