ලොව පුරා අතිශය ජනප්රිය වුණු ඩෑන් බ්රවුන්ගේ නවතම නවකතාව වන ‘ද සීක්රට් ඔෆ් සීක්රට්ස්’ (The Secret of Secrets) ඇසුරින් නිර්මාණය වන නෙට්ෆ්ලික්ස් කතා මාලාව ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. කලින් ටොම් හැන්ක්ස් රඟපෑ රොබට් ලැන්ග්ඩන්ගේ චරිතයට මෙවර පණ පොවන්නේ ‘ද ගිල්ඩඩ් ඒජ්’ (The Gilded Age) හරහා ජනප්රිය වුණු මෝගන් ස්පෙක්ටර් බවයි ආරංචි වෙන්නේ. ඒ වගේම, මේ කතා මාලාවේ ප්රධාන නිළිය විදිහට රෙබෙකා හෝල්ව සම්බන්ධ කරගන්නත් සාකච්ඡා සිද්ධ වෙනවා. මේ දෙන්නා සැබෑ ජීවිතේ යුවළක් නිසා ඔවුන් දෙන්නා එකට රඟපානවා දකින්න ලැබීම රසිකයන්ට ලොකු කුතුහලයක් වේවි.
මේ කතාවේදී රොබට් ලැන්ග්ඩන් තමන්ගේ පෙම්වතිය වන කැතරින් සොලමන්ව බේරගන්න කරන අරගලය ගැන තමයි දැකගන්න ලැබෙන්නේ. ඇය සතුව තියෙනවා මානව වර්ගයාගේ මනස ගැන ලෝක දැක්ම වෙනස් කරන්න පුළුවන් තරමේ රහස් අඩංගු අත්පිටපතක්. මේ කතා මාලාව අධ්යක්ෂණය කරන්නේ කාල්ටන් කියුස් සහ ඩෑන් බ්රවුන් විසින්මයි. මේ වසරේ අගභාගයේදී ප්රාග් නුවරදී රූගත කිරීම් පටන් ගන්න නියමිතයි.
මෝගන් ස්පෙක්ටර් ‘ද ගිල්ඩඩ් ඒජ්’ කතා මාලාවේ වැඩකටයුතුත් එක්කම මේ අලුත් වැඩේටත් සම්බන්ධ වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඩෑන් බ්රවුන්ගේ පොත් ලක්ෂ ගණනක් ලෝකය පුරා අලෙවි වෙලා තියෙන නිසා, මේ නෙට්ෆ්ලික්ස් නිර්මාණයත් අනිවාර්යයෙන්ම ලොකු සාර්ථකත්වයක් ලබයි කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

Discussion & Feedback