පසුගිය ජූනි මාසයේදී යුරෝපයට බලපෑ අතිශය දරුණු උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල පුද්ගලයින් 3,700කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල වාර්තා පෙන්වා දෙනවා. විද්‍යාඥයින් පවසන පරිදි මෙය ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම උණුසුම් කාලගුණික තත්ත්වයන්ගෙන් එකක් වන අතර, දේශගුණික විපර්යාස මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා. ඉදිරියේදී ලැබෙන දත්ත අනුව මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
ප්‍රංශයෙන් පමණක් මරණ 2,025ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩි පිරිසක් අවුරුදු 45ට වැඩි අයයි. විශේෂයෙන්ම නිවෙස්වල සිදුවූ මරණ සංඛ්‍යාව පෙර සතියට සාපේක්ෂව 91%කින් ඉහළ ගොස් තිබෙනවා. බෙල්ජියමෙන් මරණ 1,200ක් සහ නෙදර්ලන්තයෙන් මරණ 480ක් වාර්තා වී ඇති අතර, ඉන් බහුතරයක් වයස අවුරුදු 80 ඉක්මවූ වැඩිහිටියන් වීම කනගාටුදායක කරුණක්. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක නිරත වුවත්, දේශගුණික විපර්යාස හමුවේ මෙවැනි ස්වාභාවික ආපදා තවදුරටත් බරපතළ විය හැකි බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback