මේ දිනවල ඉන්දුනීසියාවේ පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් මුළු රටම දැඩි දුමාරයකින් වැසී ගිහින්. අගෝස්තු මාසයේ සිට මේ දක්වා ලක්ෂ එකහමාරකට අධික පිරිසක් ශ්වසන ආබාධවලින් පීඩා විඳින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතරින් 40,000කට වැඩි පිරිසක් කුඩා දරුවන් වීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. කැස්ස, බ්රොන්කයිටිස් වැනි රෝගවල සිට නියුමෝනියාව වැනි බරපතල තත්ත්වයන් දක්වා දරුවන් රෝගාතුර වී ඇති අතර, පාසල් පවා වසා දැමීමට බලධාරීන්ට සිදුව තිබෙනවා. මෙම විෂ දුමාරය නිසා මිනිසුන්ට පමණක් නොව, වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින ඔරංඔටන් වැනි සතුන්ටත් ජීවිත අහිමි වන අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වෙලා.
මෙම ලැව්ගිනි පාලනය කිරීමට ගුවන් යානා සහ නිලධාරීන් 54,000කට අධික පිරිසක් යොදවා තිබුණත්, වියළි කාලගුණය සහ පීට් පස නිසා ගින්න නිවා දැමීම ඉතා අසීරු වී තිබෙනවා. මෙවර ඇතිවී තිබෙන ‘ගොඩ්සිල්ලා’ එල් නිනෝ තත්ත්වය නිසා ලැව්ගිනි තවත් උග්‍ර වී ඇති අතර, මේ වන විට හෙක්ටයාර නව ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගින්නට හසුවී අවසන්. මේ විනාශය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයට එරෙහිව නඩු පැවරීමටත් සිවිල් සංවිධාන කටයුතු කර තිබෙනවා. කෘත්‍රිම වැසි ඇති කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුවත්, තවමත් පවතින දුමාරය නිසා ජනතාව දැඩි අවදානමකයි පසුවන්නේ.

Discussion & Feedback