ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉතිහාසයේ පළමු වතාවට ලක්ෂයක සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මේ වන විට එරට වෙසෙන සියක් හැවිරිදි හෝ ඊට වැඩි පිරිස 107,677ක්. 1963 වසරේදී මෙම සංඛ්‍යාව 153ක් ලෙස පමණක් වාර්තා වුවත්, වෛද්‍ය තාක්ෂණයේ දියුණුව සහ ජපන් ජාතිකයින්ගේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව නිසා අද වන විට ලොව වැඩිම ආයු කාලයක් හිමි ජාතිය බවට ඔවුන් පත්වෙලා. මෙම පිරිසෙන් 88%ක්ම කාන්තාවන් වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, ජපානය මේ වන විට බරපතල ජනගහන අර්බුදයකට මුහුණ දී සිටිනවා. දරු උපත් අනුපාතය වාර්තාගත ලෙස පහළ යාම සහ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එරට සමාජ ආරක්ෂණ පද්ධතිය පවත්වාගෙන යාම විශාල අභියෝගයක් බවට පත්වෙලා. 2070 වසර වන විට ජපානයේ සමස්ත ජනගහනයෙන් 40%ක්ම වයස අවුරුදු 65ට වැඩි අය වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. මේ තත්ත්වය ජපාන බලධාරීන් හඳුන්වන්නේ ‘නිහඬ හදිසි තත්ත්වයක්’ ලෙසයි. කෙසේ වෙතත්, වයෝවෘද්ධ ජනතාව වෙනුවෙන් නව තාක්ෂණික උපකරණ හඳුන්වා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය මේ වන විටත් විවිධ පියවර ගනිමින් සිටිනවා.

Discussion & Feedback