කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන විදිහට මේ සැප්තැම්බර් 19 වෙනිදා ඉඳන් අපේ රටේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවෙනවා. ඒ වගේම සබරගමුව පළාතේ සමහර තැන්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වෙන්න ඉඩ තියෙනවා.
මේ අතරේ දවල් දෙකෙන් පස්සේ ඌව පළාතේත්, මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ ගිගුරුම් සහිත වැසි ඇති වෙන වෙලාවට අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න කියලයි. ඒ නිසා අනවශ්‍ය අනතුරු වළක්වා ගන්න හැමෝම පරිස්සම් වෙන්න කියලා අපි මතක් කරනවා.

Discussion & Feedback