පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ වන විට සිරගතව ඉන්නවා. ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට සලකන ආකාරය ගැන මේ දිනවල ක්‍රිකට් ලෝකයේ ප්‍රබල චරිත කිහිපයක්ම කතා කරන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම 1992 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු මොයින් ඛාන්, ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවට දැඩි ඉල්ලීමක් කරලා තියෙනවා. මීට කලින් ජාවෙඩ් මියන්ඩාඩ් ද ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය ගැන කනස්සල්ල පළ කරමින් ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා.
මේ ප්රශ්නය දැන් ජාත්‍යන්තර මට්ටමකටත් ඇවිත් තියෙනවා. සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ඇලන් බෝඩර්, ක්ලයිව් ලොයිඩ් සහ ශ්‍රී ලංකාවේ අර්ජුන රණතුංග වැනි ලෝක ප්‍රසිද්ධ හිටපු නායකයන් පිරිසක් එකතු වෙලා පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ්ගෙන් ඉල්ලා සිටියේ ඉම්රාන් ඛාන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දෙන ලෙසයි. ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පවා පවසා තිබුණේ ඉම්රාන් ඛාන්ට ගෞරවාන්විතව සැලකිය යුතු බවයි.
වයස අවුරුදු 73ක් වන ඉම්රාන් ඛාන් 2023 වසරේ සිට සිරගතව ඉන්නවා. ඔහුගේ පවුලේ අය සහ ආධාරකරුවන් නිතරම කියන්නේ ඔහුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන්නේ නැති බවයි. නමුත් පාකිස්තාන බලධාරීන් මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. කෙසේ වෙතත්, 1992 ලෝක කුසලානය පාකිස්තානයට දිනා දුන් වීරයා වෙනුවෙන් ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩකයන් මෙලෙස හඬ නැගීම බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback