අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ වැදගත් පියවරක් විදිහට නාසා ආයතනය නැවතත් මිනිසුන් සඳ මතට යවන්න සූදානම් වෙනවා. ඒත් අලුත්ම පර්යේෂණයකින් හෙළි වෙලා තියෙන්නේ මේ ගමන් නිසා සඳ මත තියෙන ඉතා වටිනා විද්‍යාත්මක සාක්ෂි විනාශ වෙන්න පුළුවන් කියලයි. සඳේ දක්ෂිණ ධ්‍රැවයේ තියෙන අඳුරු ආවාටවල වසර බිලියන ගණනක් පැරණි අයිස් තට්ටු තියෙනවා. මේ අයිස් ඇතුළේ පෘථිවියේ ජීවය ආරම්භ වෙන්න හේතු වුණු මූලික අණු (prebiotic organic molecules) සැඟවිලා තියෙන්න පුළුවන් කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා. පෘථිවියේ වෙනස්කම් නිසා මේ සාක්ෂි නැති වෙලා ගියත්, සඳ මත ඒවා තවමත් සුරක්ෂිතව තියෙනවා.
ප්රශ්නය වෙලා තියෙන්නේ සඳ මතට ගොඩබස්වන යානාවලින් පිටවන මීතේන් වායුව ගැනයි. පර්යේෂකයන් පරිගණක ආකෘති මගින් පෙන්වා දීලා තියෙන්නේ, මේ යානාවලින් පිටවන වායු ඉතා වේගයෙන් සඳේ ධ්රැව ප්‍රදේශවලට පැතිරී ගොස්, එතන තියෙන අයිස් තට්ටු දූෂණය කරන බවයි. මේ නිසා ජීවයේ ආරම්භය ගැන අපිට දැනගන්න තියෙන එකම සාක්ෂි ටික සදහටම විනාශ වෙන්න ඉඩ තියෙනවා. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ නිලධාරියෙක් වන සිල්වියෝ සිනිබාල්ඩි පවසන පරිදි, අපි විද්‍යාව ආරක්ෂා කරන්න උත්සාහ කළත්, අපේම ක්‍රියාකාරකම් නිසා ඒ විද්‍යාත්මක ගවේෂණවලට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අනාගත අභ්‍යවකාශ ගමන් සැලසුම් කිරීමේදී මේ ගැනත් ලොකු අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා.

Discussion & Feedback