රයන් මර්ෆි සහ ඉයන් බ්රෙනන්ගේ ජනප්රිය ‘මොන්ස්ටර්’ කතා මාලාවේ මීළඟ පරිච්ඡේදය විදිහට ‘ද ලීසි බෝඩන් ස්ටෝරි’ (The Lizzie Borden Story) නෙට්ෆ්ලික්ස් හරහා ප්රේක්ෂකයන් අතරට එන්න සූදානම්. මේ කතාවේ ප්රධාන චරිතය වන ලීසි බෝඩන් විදිහට රංගනයෙන් දායක වෙන්නේ එලා බීටි. මෑතකදී නිකුත් වුණු තත්පර 56ක මේ ට්රේලරය ඇත්තටම හරිම බියකරුයි. ලීසි බෝඩන් කියන තරුණිය තමන්ගේ පවුලේ අයව පොරවකින් පහර දී මරා දමන අන්දම සහ ඒ වටා ගෙතුණු අභිරහස් සිදුවීම් මාලාව මෙහිදී අපිට දකින්න පුළුවන්. ඇය සාමාන්ය තරුණියක් විදිහට ජීවත් වෙද්දී ඇයට මුහුණ දෙන්න වෙන අසාධාරණකම් සහ පීඩනය නිසා ඇය කොහොමද දරුණු ඝාතකයන් බවට පත් වෙන්නේ කියන එක තමයි මේ කතාවේ හරය වෙන්නේ.
මේ කතා මාලාව සැප්තැම්බර් 17 වෙනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය වෙන්න නියමිතයි. එලා බීටිට අමතරව විකී ක්රිප්ස්, රෙබෙකා හෝල් සහ චාලි හනම් වගේ ප්රවීණ නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. ධනවත් පවුලක හැදී වැඩෙන ලීසි සහ ඇයගේ සේවිකාව අතර ඇති වෙන සම්බන්ධතාවය, බලය සහ පළිගැනීම වටා මේ කතාව ගොඩනැගිලා තියෙනවා. ලෝකයම කම්පනයට පත් කරපු මේ සැබෑ සිදුවීම මත පදනම් වුණු කතාව, නරඹන්නන්ව ඇත්තටම බිය ගන්වන අත්දැකීමක් වේවි කියලා තමයි විචාරකයෝ කියන්නේ. ඉතින් ඔයාලත් මේ අභිරහස් කතාව බලන්න ආසාවෙන් ඉන්නවා නම් සැප්තැම්බර් 17 වෙනිදා වෙනකම් ටිකක් ඉවසන්න වෙනවා.

Discussion & Feedback