ගේමින් ලෝකයේ ජනප්රිය මොන්ස්ටර් හන්ටර් සහ වැල්හයිම් වැනි ක්රීඩා වල අත්දැකීම් එකට එකතු කරමින් අලුත්ම ක්රීඩාවක් එළිදැක්වීමට සූදානම් වෙනවා. මැග්නස් ගේම්ස් ස්ටුඩියෝ එක විසින් නිර්මාණය කරන මෙම ක්රීඩාවේ නම තමයි ‘වයිල්ඩ් වයිල්ඩ් ඒඩන්’. මේක ප්රාථමික ෆැන්ටසි ලෝකයක දිවි ගලවා ගැනීමේ සහ රාක්ෂයන් හීලෑ කිරීමේ අත්දැකීමක් ලබා දෙන ක්රීඩාවක්. මෙහිදී ක්රීඩකයා ගෝත්රික නායකයෙක් විදිහට රාක්ෂයන්ව රැකබලා ගනිමින්, ඔවුන් සමඟ මිත්රත්වයක් ගොඩනගා ගනිමින් තමන්ගේම කඳවුරක් ගොඩනගා ගන්න ඕනේ.
මෙම ක්රීඩාව දකින විට පෙනෙන්නේ පොකෙමන් ක්රීඩාවේ එන ආකාරයට රාක්ෂයන්ව හීලෑ කරගැනීමේ හැකියාව මෙහිදීත් ලැබෙන බවයි. ඒ වගේම රාක්ෂයන් පිටේ ගමන් කරමින් සම්පත් එකතු කරන්නත්, විවිධ සටන් වලට මුහුණ දෙන්නත් ක්රීඩකයන්ට පුළුවන්. දැනට මෙය තනි ක්රීඩකයෙකුට පමණක් සෙල්ලම් කළ හැකි ක්රීඩාවක් ලෙස හඳුන්වා දුන්නත්, අනාගතයේදී බහු ක්රීඩක පහසුකම් ලැබේද යන්න තවමත් තීරණය කරලා නැහැ. 2027 වසරේ මුල් කාර්තුවේදී ස්ටීම් හරහා මෙම ක්රීඩාව අත්විඳින්න ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback