කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ වනාන්තරවලින් අමුතුම ආකාරයේ වඳුරු විශේෂයක් සොයාගන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. ‘කොලොබස් කොන්ගොඑන්සිස්’ (Colobus congoensis) කියලා නම් කරලා තියෙන මේ වඳුරාව ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ ‘ලික්වේලි’ කියන නමින්. මේ වඳුරාගේ තියෙන විශේෂම දේ තමයි එයාගේ තැඹිලි පාට තොල් සහ දිලිසෙන කළු පැහැති ලෝම. සාමාන්‍ය වඳුරන්ට වඩා වෙනස් ශරීර ලක්ෂණ සහ දත්වල පිහිටීම නිසා මේ සතා වෙනමම විශේෂයක් විදිහට හඳුනාගන්න පර්යේෂකයන්ට පුළුවන් වුණා. කිලෝග්‍රෑම් 6.8ක් විතර බර මේ වඳුරාගේ කන්වල තියෙන විශේෂ හැඩය සහ මුහුණේ තියෙන ලක්ෂණ නිසා එයා හරිම ආකර්ෂණීය පෙනුමක් තමයි පෙන්නුම් කරන්නේ.
මේ වඳුරු විශේෂය ගැන පර්යේෂණ ආරම්භ වුණේ 2008 වසරේදී වුණත්, ඒක තහවුරු කරගන්න පර්යේෂකයන්ට වසර ගණනාවක් ගත වුණා. ඔවුන් ජාන පරීක්ෂණ සහ කෞතුකාගාරවල තියෙන සාම්පල එක්ක සංසන්දනය කරලා තමයි මේ සතා අලුත් විශේෂයක් කියලා ඔප්පු කළේ. ඒ වගේම මේ වඳුරන්ගේ පරිණාමය මීට වසර මිලියන 4කට හෝ 5කට පෙර සිදුවෙලා තියෙන බවත් විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඒත් එක්කම මේ සතුන්ගේ වාසස්ථාන විනාශ වීම සහ දඩයම් කිරීම් නිසා මේ විශේෂය වඳවීමේ තර්ජනයට ලක්වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ලොමාමි ජාතික උද්‍යානය තුළ මේ සතුන් ආරක්ෂා කරගැනීම ඉදිරියේදී ඉතාම වැදගත් වෙනවා.

Discussion & Feedback