ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෙන්සකෝලා වෙරළ තීරයේදී පසුගිය බදාදා දින අතිශය උද්වේගකර සිදුවීමක් වාර්තා වුණා. එදින පැවති ගුවන් සංදර්ශනයක් අතරතුර ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘බ්ලූ ඒන්ජල්ස්’ (Blue Angels) ප්‍රභූ ජෙට් යානයක් වෙරළේ සිටි පිරිසට ඉතාම ආසන්නයෙන් පහළින් පියාසර කිරීම නිසා වෙරළේ සිටි ජනතාව දැඩි කලබලයකට පත් වුණා. මේ දර්ශනය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර ගිය අතර, එහිදී ජෙට් යානයේ වේගය සහ පීඩනය නිසා වෙරළේ තිබූ කුඩ සහ පුටු පවා අහසට විසිවී යන අයුරු දැකගන්න පුළුවන්.
මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්ලූ ඒන්ජල්ස් බලකාය සඳහන් කළේ, අදාළ යානය සාමාන්‍ය පියාසර උසට වඩා පහළින් ගමන් කිරීම නිසා මෙවැනි අනපේක්ෂිත තත්ත්වයක් ඇති වූ බවයි. මේ වන විට ඔවුන් ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වමින් ඉන්නවා. වාසනාවකට මෙන් මේ සිදුවීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ. වෙරළේ සිටි බොහෝ දෙනෙක් මෙය තමන්ගේ ජීවිතයේ දැකපු අමතක නොවන අත්දැකීමක් බවයි මාධ්‍ය වෙත පවසා තිබුණේ. කොහොම වුණත්, ගුවන් සංදර්ශනවලදී ආරක්ෂාව පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතු බවට බොහෝ දෙනා මත පළ කරනවා.

Discussion & Feedback