ප්රංශ දේශපාලන කරළියේ මේ දිනවල දැඩි උණුසුමක් තියෙනවා. ඒ, ජාතිකවාදී නායිකා මරීන් ල පෙන්ගේ දේශපාලන අනාගතය තීරණය කරන අභියාචනාධිකරණ තීන්දුව අද ප්රකාශයට පත් කිරීමට නියමිත නිසයි. යුරෝපා පාර්ලිමේන්තු අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට වරදකාරිය වී සිටින ඇයට, මෙම තීන්දුව හරහා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාව ලැබේවිද නැද්ද යන්න තීරණය වෙනවා. ඇය වරදකාරිය වී සිටින බව තහවුරු වුවහොත්, ඇයට රාජ්ය තනතුරු දැරීම තහනම් වීමට ඉඩ ඇති අතර, එය ඇගේ ජනාධිපති සිහිනය සම්පූර්ණයෙන්ම බිඳ දැමීමක් වේවි.
මරීන් ල පෙන්ට තරග කිරීමට නොහැකි වුවහොත්, ඇගේ පක්ෂයේ තරුණ නායක ජෝර්ඩන් බාර්ඩෙල්ලා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිතයි. කෙසේ වෙතත්, බාර්ඩෙල්ලාගේ අත්දැකීම් මදකම මැතිවරණයේදී බලපෑමක් විය හැකි බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ. අධිකරණය විසින් ඇයට වසර පහක තහනමක් පනවනු ලැබුවහොත් ඇයට තරග කිරීමට නොහැකි වන අතර, කෙටි කාලීන තහනමක් පැනවුවහොත් එය ඇගේ තරග වැදීමට බාධාවක් වේවිද යන්න තවමත් අවිනිශ්චිතයි. මේ තීන්දුව ප්රංශ දේශපාලනයේ ඉදිරි ගමන් මග වෙනස් කරන ප්රධාන සාධකයක් වනු නොඅනුමානයි.
ල පෙන් පවසන්නේ මෙය තමන්ව දේශපාලනයෙන් ඉවත් කිරීමට දරන උත්සාහයක් බවයි. කෙසේ වෙතත්, අද ලැබෙන තීන්දුව මත ඇය ජනාධිපතිවරණ තරගයේ රැඳී සිටිනවාද නැද්ද යන්න ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා. ප්රංශයේ දේශපාලන ඉතිහාසයේ මෙවැනි තීරණාත්මක අවස්ථාවක් ඉතා දුර්ලභ බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback