තායිලන්තයේ කෝ සමුයි දූපත ආසන්නයේ මුහුදේ ජෙට් ස්කී යානයක් පෙරළී යාම නිසා පියෙක් සහ ඔහුගේ පුතුන් දෙදෙනෙක් පැය 16කට වැඩි කාලයක් මුහුදේ අතරමං වෙලා ඉඳලා තියෙනවා. මේ පවුලේ අය මුහුදේ ගසාගෙන ගිහින් තිබුණේ ඔවුන් ගමන් කරමින් සිටි ජෙට් ස්කී යානය අනතුරට ලක්වීම නිසයි. මේ සිදුවීම ගැන ප්‍රදේශයේ බලධාරීන් පවසන විදිහට, ඔවුන්ව සොයාගන්නා විටත් ඉතාමත් වෙහෙසට පත්වෙලා හිටියේ මුහුදු වතුර විශාල ප්‍රමාණයක් බීම නිසා. විශේෂයෙන්ම මේ දරුවන් දෙදෙනාගේ මුහුණු ඉතාමත් සුදුමැලි වී තිබූ බවත් ඔවුන් පවසනවා.
පැය 16ක් පුරාවටම ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වුණු මේ පවුලේ අයව අවසානයේදී බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකි වුණා. ඔවුන්ව වහාම රෝහල්ගත කර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. වාසනාවකට වගේ, රෝහලේදී පරීක්ෂා කිරීම්වලින් පසුව ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව තහවුරු කර ගත් නිසා වෛද්‍යවරුන් ඔවුන්ව ඉක්මනින්ම රෝහලෙන් පිටත් කර යැවීමට කටයුතු කළා. මුහුදේදී මෙවැනි අනතුරකට මුහුණ දීලා පවා ඔවුන් ජීවිතය බේරාගෙන නැවත නිවසට පැමිණීම ඇත්තටම ලොකු වාසනාවක්.

Discussion & Feedback