ලොවම කම්පා කළ ලිංගික අපරාධකරුවෙක් වුණු ජෙෆ්රි එප්ස්ටීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වුණු ඩැනියෙල් සියාඩ් නැමැති නිරූපණ ශිල්පී දඩයම්කරුවා මියගොස් සිටියදී සොයාගෙන තියෙනවා. වයස අවුරුදු 69ක් වුණු මොහුව මියගොස් සිටියදී සොයාගෙන තියෙන්නේ පැරිස් නුවරට නුදුරින් පිහිටි කොලොම්බස් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. මේ සිදුවීම සම්බන්ධයෙන් නාන්ටෙරේ අභිචෝදක කාර්යාලය තහවුරු කරලා තියෙනවා. දැනට ලැබෙන තොරතුරු අනුව, ඔහුගේ මරණයට හේතුව සොයාගැනීම සඳහා මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙන අතර, පශ්චාත් මරණ පරීක්ෂණයකුත් සිදු කිරීමට නියමිතයි.
ඇමරිකානු රජය විසින් මීට පෙර ප්‍රසිද්ධියට පත් කළ එප්ස්ටීන්ගේ ලිපිගොනු තුළ ඩැනියෙල් සියාඩ්ගේ නම දහස් වතාවකට වඩා සඳහන් වෙලා තිබුණා. එප්ස්ටීන්ගේ ගොදුරක් බවට පත් වුණු කාන්තාවක් මීට පෙර බීබීසී මාධ්‍යයට පවසා තිබුණේ, සියාඩ් විසින් තමන්ව එප්ස්ටීන් වෙත හඳුන්වා දුන් බවයි. කෙසේ වෙතත්, එප්ස්ටීන් විසින් සිදු කළ අපරාධ ගැන තමන් කිසිවක් දැන සිටියේ නැති බව සියාඩ් මීට පෙර අවස්ථාවලදී පවසා තිබුණා. ඔහුගේ නීතිඥවරයා පවා මෑතකදී මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබුණා. මේ මරණයත් සමඟ එප්ස්ටීන්ගේ අඳුරු අතීතය පිළිබඳ තවත් බොහෝ තොරතුරු සැඟවී යනු ඇතැයි බොහෝ දෙනා සැක පළ කරනවා.

Discussion & Feedback