පැරමවුන්ට් ප්ලස් (Paramount+) නාලිකාව හරහා විකාශය වන ජනප්රිය අපරාධ කතාමාලාවක් වන ‘MobLand’ දෙවන වාරය ආරම්භ වීමටත් පෙරම තුන්වන වාරයකට අලුත් කරලා තියෙනවා. මේ ආරංචියත් එක්කම රසිකයන්ට තවත් සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ තමයි ප්රධාන නළු ටොම් හාඩි, හෙලන් මිරන් සහ පියර්ස් බ්රොස්නන් යන ප්රවීණ නළු නිළියන් තිදෙනාම තුන්වන වාරය සඳහාත් නැවත සම්බන්ධ වෙනවා කියන එක. ඇත්තටම මේ කතාමාලාවේ ප්රධාන චරිතයක් වන ටොම් හාඩි සහ එහි නිර්මාණකරු ජෙස් බටර්වර්ත් අතර ඇති වුණු මතභේද නිසා හාඩි කතාමාලාවෙන් ඉවත් වෙයි කියලා ලොකු කතාබහක් තිබුණත්, පසුව ලන්ඩනයේ පැවති සාකච්ඡාවකින් පස්සේ ඒ ප්රශ්න විසඳගෙන ඔහු නැවතත් කණ්ඩායම එක්ක එකතු වෙන්න තීරණය කරලා තියෙනවා.
MobLand දෙවන වාරය සැප්තැම්බර් 18 වෙනිදා සිට විකාශය ආරම්භ වෙනවා. මේ වාරයේදී හරිගන් පවුලේ අභ්යන්තර ගැටුම් සහ ඔවුන්ගේ අපරාධ අධිරාජ්යය බේරගන්න ටොම් හාඩි රඟපාන ‘හැරී ද සූසා’ කියන චරිතය කොයි වගේ අභියෝගවලට මුහුණ දෙනවද කියලා අපිට බලාගන්න පුළුවන්. කතාමාලාවේ දෙවන වාරය කොටස් දහයකින් සමන්විත වන අතර, සැප්තැම්බර් 18 සිට සෑම සිකුරාදා දිනකම අලුත් කොටස් නිකුත් වෙන්න නියමිතයි. නොවැම්බර් 20 වෙනිදා මේ වාරයේ අවසාන කොටස විකාශය වෙන්න නියමිත නිසා, අපරාධ කතා වලට කැමති අයට නම් මේක සුපිරි අත්දැකීමක් වේවි.

Discussion & Feedback