ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කරපු අලුත්ම ‘මෝනා’ සජීවී චිත්රපටය පසුගිය බ්රහස්පතින්දා ප්රදර්ශනය ආරම්භ කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක ආදායමක් ලබාගන්න සමත් වුණා. තෝමස් කයිල් අධ්යක්ෂණය කරපු මේ චිත්රපටය ගැන විචාරකයින් නම් එතරම් පැහැදීමකින් නෙවෙයි ඉන්නේ. රොටන් ටොමැටෝස් වෙබ් අඩවියේ මේ චිත්රපටයට ලැබිලා තියෙන්නේ 35%ක අඩු අගයක්. ඒ වගේම ඩොලර් මිලියන 250ක් වැනි විශාල මුදලක් වැය කරලා හදපු මේ චිත්රපටය, මීට කලින් ආපු ඇනිමේටඩ් ‘මෝනා 2’ චිත්රපටයෙන් පස්සේ හරිම ඉක්මනින් ප්රේක්ෂකයින් අතරට ආපු එක ගැනත් බොහෝ දෙනෙක් ප්රශ්න කරනවා.
මුලින් හිතාගෙන හිටියේ මේ චිත්රපටය ඩොලර් මිලියන 60ක වගේ ආදායමක් ලබයි කියලා, නමුත් දැන් තියෙන තත්ත්වය අනුව ඒක ඩොලර් මිලියන 40ක මට්ටමට වැටෙන්න ඉඩ තියෙනවා කියලයි බොක්ස් ඔෆිස් විශ්ලේෂකයින් කියන්නේ. විශේෂයෙන්ම ‘ටෝයි ස්ටෝරි 5’ වගේ ජනප්රිය චිත්රපට එක්ක තරඟ කරන්න සිද්ධ වෙලා තියෙන නිසා ‘මෝනා’ට ලොකු අභියෝගයක් තියෙනවා. කොහොම වුණත්, සති අන්තයේ පවුලේ අය එක්ක චිත්රපට බලන්න එන ප්රේක්ෂකයින්ගේ ප්රතිචාර මත තමයි මේ චිත්රපටයේ අවසාන සාර්ථකත්වය තීරණය වෙන්නේ. ඉදිරි දිනවලදී මේ චිත්රපටය කොහොම ඉදිරියට යයිද කියලා අපි බලමු.

Discussion & Feedback