ලෝක ළමා දිනය නිමිත්තෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මැතිනිය ඉතා වැදගත් පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. අද කාලේ තරගකාරී අධ්‍යාපන රටාව සහ සමාජ බලපෑම් නිසා අපේ දරුවන්ට අහිමි වෙලා තියෙන මානසික නිදහස සහ ඔවුන්ගේ ළමා කාලය නැවත ලබා දීමේ අවශ්‍යතාවය ඇය විශේෂයෙන්ම අවධාරණය කරනවා. ‘ශක්තිමත් මනසක් – පොහොසත් දරුවෙක්’ කියන තේමාව යටතේ ඇය පෙන්වා දෙන්නේ, වැඩිහිටියන් තමන්ගේ බලාපොරොත්තු දරුවන් මත පටවන්නේ නැතිව, දරුවාගේ සැබෑ හැකියාවන් සහ ඔවුන්ගේ අනාගත සිහින තේරුම් අරගෙන ඔවුන්ව දිරිමත් කරන්න ඕනේ කියලයි.
රටක සැබෑ දියුණුව තියෙන්නේ දරුවන්ගේ මුවග රැඳෙන සිනහව තුළ බවත් ඇය සිහිපත් කරනවා. ජාති, ආගම්, කුල මල හෝ ආර්ථික පරතරයක් නැතුව හැම දරුවෙක්ම සමානව ආරක්ෂා කරමින්, ඔවුන්ට නිර්මාණශීලී අනාගතයක් හදලා දීම රජයේ වගකීමක් බවයි ඇමතිනිය කියන්නේ. දරුවන්ගේ ශාරීරික සහ මානසික සුවතාවය වෙනුවෙන් රජය කැපවෙලා ඉන්නවා වගේම, අපේ රටේ අනාගත පරපුර විදිහට ආඩම්බරයෙන් ලෝකයට මුහුණ දෙන්න කියලා ඇය සියලුම දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. දරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමින් ඔවුන්ට සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කර දීම අප හැමෝගෙම යුතුකමක් බවයි ඇය අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback