භීෂණ සාහිත්යයේ අසමසම ලේඛක ස්ටීවන් කිංගේ කතාන්දර තිරයට ගෙන ඒමේදී මයික් ෆ්ලැනගන් කියන්නේ අති දක්ෂ අධ්යක්ෂවරයෙක්. ‘ද හොන්ටින් ඔෆ් හිල් හවුස්’ වැනි නිර්මාණ හරහා තමන්ගේ හැකියාව ඔප්පු කරපු ෆ්ලැනගන්, ස්ටීවන් කිංගේ කතා තිරයට ගෙන ඒමේදී අලුත් ජීවයක් ලබා දෙනවා. මේ දෙදෙනාගේ එකතුවෙන් නිර්මාණය වුණු අලුත්ම කතා මාලාව වන ‘කැරී’ (Carrie) ලබන ඔක්තෝබර් 7 වෙනිදා සිට ඇමසන් ප්රයිම් වීඩියෝ ඔස්සේ රසිකයන්ට නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. කොටස් අටකින් සමන්විත මේ කතා මාලාව ගැන ලොකු බලාපොරොත්තුවක් රසිකයන් අතර තියෙනවා.
ස්ටීවන් කිංගේ මුල්ම නවකතාව වන ‘කැරී’ මීට පෙරත් සිනමාවට නැගුණත්, ෆ්ලැනගන් මේ කතාව අලුත් විදියකට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා බලන්න හැමෝම වගේ උනන්දුවෙන් ඉන්නේ. විශේෂත්වය තමයි, මේ නිර්මාණය ගැන ස්ටීවන් කිං පවා ඉතා ඉහළින් අගය කරලා තියෙන එක. ෆ්ලැනගන්ගේ මේ උත්සාහය සාර්ථක වුණොත්, ඉදිරියේදී ස්ටීවන් කිංගේ තවත් විශිෂ්ට කතා රැසක් ෆ්ලැනගන්ගේ අධ්යක්ෂණයෙන් අපිට දකින්න ලැබෙයි. විශේෂයෙන්ම ‘ද මිස්ට්’ සහ ‘ද ඩාර්ක් ටවර්’ වැනි නිර්මාණ ගැනත් මේ වන විටත් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඉතින්, භීෂණයේ අලුත් අත්දැකීමක් විඳගන්න ලබන සතිය වෙනකම් ඉවසීමෙන් බලා ඉන්න අපිට සිද්ධ වෙනවා.

Discussion & Feedback