භීෂණයේ රජු ලෙසින් ලොව පුරා ප්‍රසිද්ධ ස්ටීවන් කිංගේ නවකතා ඇසුරින් නිර්මාණය වන චිත්‍රපට සහ ටෙලි නාට්‍ය දශක පහක් තිස්සේ ලෝක සිනමාවේ අනිවාර්ය අංගයක් වෙලා තියෙනවා. 1976 වසරේදී ‘කැරී’ (Carrie) නවකතාව සිනමාවට නැගීමත් සමඟ ආරම්භ වුණු මේ ගමන අදටත් ඉතා සාර්ථකව ඉදිරියට යනවා. මේ අතර, ප්‍රවීණ අධ්යක්ෂ මයික් ෆ්ලැනගන් විසින් ස්ටීවන් කිංගේ ‘කැරී’ නවකතාව ඇසුරින් කොටස් අටකින් යුත් නවතම මිනි-සීරීස් එකක් 2026 ඔක්තෝබර් 7 වැනිදා ප්‍රයිම් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න සූදානම් වෙනවා. මීට පෙරත් කිංගේ නිර්මාණ සාර්ථකව තිරයට ගෙන ආ ෆ්ලැනගන්, මෙවර කෙටි නවකතාවක් දීර්ඝ කතා මාලාවක් ලෙස ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ කතාවේ ගැඹුර තවත් වැඩි කරමින්.
ස්ටීවන් කිංගේ නිර්මාණ අතරින් වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තියෙන්නේ බියකරුම කතා වලට වඩා චරිතාංග නිරූපණයන් ප්රමුඛ වූ කතාන්දරයි. ‘ද ෂෝෂෑන්ක් රෙඩෙම්ප්ෂන්’ (The Shawshank Redemption) හෝ ‘ද ග්‍රීන් මයිල්’ (The Green Mile) වැනි නිර්මාණ සාර්ථක වුණේ එහි තිබූ ගැඹුරු චරිත නිරූපණයන් නිසයි. කිංගේ කතා වල තියෙන අමුතුම ආකාරයේ චරිත සහ ඒවායේ ඇති මානුෂීය පැතිකඩ තිරයට ගෙන ඒම තමයි ඕනෑම අධ්‍යක්ෂවරයෙකුට තියෙන ලොකුම අභියෝගය. මයික් ෆ්ලැනගන්ගේ මේ නවතම උත්සාහයත් ස්ටීවන් කිංගේ වසර 50ක සිනමා ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වේවි කියලා තමයි රසිකයන් බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback