භීෂණ සාහිත්යයේ දැවැන්තයෙක් වන ස්ටීවන් කිංගේ ප්රථම නවකතාව වුණු ‘කැරී’ (Carrie) නැවත වතාවක් අලුත් මුහුණුවරකින් ප්රේක්ෂකයන් අතරට එන්න සූදානම් වෙනවා. ‘ද හොන්ටින් ඔෆ් හිල් හවුස්’ වැනි ජනප්රිය නිර්මාණ හරහා ප්රේක්ෂක හදවත් දිනාගත් මයික් ෆ්ලැනගන් විසින් අධ්යක්ෂණය කරන මෙම කතා මාලාව කොටස් අටකින් සමන්විතයි. මේ වන විට මෙම නිර්මාණයේ පළමු දර්ශන කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර, එය රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කර තිබෙනවා. ස්ටීවන් කිං ද මෙම ව්යාපෘතියේ විධායක නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කිරීම විශේෂත්වයක්.
මෙම කතාවේ ප්රධාන චරිතය වන කැරී වයිට් ලෙස රංගනයෙන් දායක වන්නේ ස,මර් හොවෙල්. ඇයගේ මව ලෙස සමන්තා ස්ලෝයන් රංගනයෙන් එක්වෙනවා. පියාගේ අකල් මරණයෙන් පසු පාසල් ජීවිතයට පිවිසෙන කැරීට මුහුණ දීමට සිදුවන සමාජ මාධ්ය හරහා සිදුවන හිරිහැර සහ ඇය තුළ සැඟවී තිබෙන අද්භූත ටෙලිකයිනෙටික් බලයන් වටා මෙම කතාව ගෙතී තිබෙනවා. මැතිව් ලිලාඩ් සහ ඇම්බර් මිඩ්තන්ඩර් වැනි ජනප්රිය නළු නිළියන් රැසක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා. නවීන සමාජයේ පවතින කෲරත්වය සහ යොවුන් වියේ අභියෝග මැනවින් නිරූපණය කරන මෙම කතා මාලාව භීෂණ රසිකයන්ට අලුත් අත්දැකීමක් වේවි.

Discussion & Feedback